-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

තද්ධිත නාම ප්‍රත්‍යාර්ථ නාම

 Edu.com


නාමයකින් හෝ ධාතුවකින් පරව ප්‍රත්‍ය එක්ව සැකසෙන ද්වීතීක නාම ප්‍රත්‍යාර්ථ නාම ලෙස හැදින්වේ. ඉන් නාමයකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකසෙන ප්‍රත්‍යාර්ථ නාම තද්ධිත නාම ලෙසද, ධාතුවකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකසෙන නාම කෘදන්ත නාම ලෙසද හැදින්වේ.


“දයින් නමින් හොත කරැ අරුතට නිසි පසන්


සපයා සදන් පසරුත් හිමි නොලැගැ ලොවැ වහරන්“     යනුවෙන් සිදත් සගරාව ප්‍රත්‍යාර්ථ නාම හදුන්වනු ලබයි.


තද්ධිත නාම


නාමයකින් පරව තද්ධිත ප්‍රත්‍යයක් එක්ව සැදෙන නාම තද්ධිත නාමයි.


උදා :


තොට + ඉ = තොටි (තොටෙහි නියුක්ත තැනැත්තා)


ඉහත තොට යන නාමයට පසුව ඉ යන තද්ධිත ප්‍රත්‍යය එක්ව තොටි යන තද්ධිත නාමය සැකසී ඇත. තොට යන්නෙන් තොටුපළ අදහස් කළද තද්ධිත ප්‍රත්‍යය එක් වීමෙන් සෑදෙන තොටි යන තද්ධිත නාමයෙන් අදහස් වන්නේ තොටුපළෙහි නියුක්ත තොටියා පිළිබදවයි. මෙලෙස මුල් අදහසට අමතරව සැකසෙන ද්වීතික නාමයන් තද්ධිත නාමයන් බවට පත් වේ. නාමයන්ට පසුව එක්වන තද්ධිත ප්‍රත්‍යය විවිධ අර්ථ ගනී. එම ප්‍රත්‍යයන්ගේ අර්ථයට අනූව සැකසෙන තද්ධිත නාමයේ අර්ථයද වෙනස් වේ.


තද්ධිත ප්‍රත්‍යය යෙදෙන විවිධ අර්ථ


භූතාර්ථය (එහි විය යන අර්ථය)


උදා :


ගම් + ඉ = ගැමි (ගමෙහි වෙසෙන්නා)

නුවර + උ = නුවරු (නුවරෙහි වූ)

ලංකා + ඉක = ලාංකික (ලංකාවේ වූ)

ඉන්දියා + නු = ඉන්දියානු (ඉන්දියාවේ වූ)

කර්ණාට + ක = කර්ණාටක (කර්ණාට දේශයේ වූ)

නියුක්තාර්ථය (එහි යෙදුණේ යන අර්ථය)


උදා :


අයකම් + ඉ = අයකැමි (අයකමෙහි නියුතු)

ධර්ම + ඉක = ධාර්මික (ධර්මයෙහි නියුතු)

අගාර + ඉක = අගාරික (අගාරයෙහි නියුතු)

අස්ත්‍යාර්ථය (ඇත යන අර්ථය)


උදා :


රූ + මත් = රූමත් (රූ ඇති)

පින් + වත් = පින්වත් (පින් ඇති)

භාග්‍ය + වත් = භාග්‍යවත් (භාග්‍ය ඇති)

සම්බන්ධාර්ථය (එයට සම්බන්ධ යන අර්ථය)


@OL_short_note_bot

Post a Comment

Post a Comment