-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ගංගාවේ සංගීතය (විචාරය)

Edu.com


කවියා අජීව පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් තම පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ආකාරය පහදන්න




                 එච්.එම් .කුඩලිගම මහති විසින් රචිත ගංගාවේ සංගීතය පැදිපෙළ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචනා වූවකි.ගඟ සම්බන්ධව පද්‍යය පහළොවකින් සමන්විතව රචනා කර ඇති මෙම පද්‍යය පන්තිය තුළින් සොබාදහමත් කවියාත් අතර සබඳතාව ප්‍රේමයෙන් බැදෙන ස්ත්‍රී පුරුෂ විලාසයක් ආරෝපණය කර ඇත.සොබාදහම් මාතාවගේ අපූර්ව නිර්මාණයක් වන ගංගාවට සජීවී බවක් ආරෝපණය කිරීමට කවියා සමත්ව ඇත.


                  "සැඟවෙමි-එබෙමි නිසසල වෙමි සසල     වෙමි                                         ඇඹරෙමි -එමෙත් පසු නොබසිමි           නොනවතිමි                               කවදා කොතැනදි හෝ මහ මුහුද                          හිමි                               හමුවුණ කෙනෙහි මා සතු බර ඔහුට                     දෙමි" 


                 සමහර නියං සමයන්හීදී ගංඟාවක දිය අඩුවීමෙන් පසු දිස්වන්නේ කුඩා දිය පහරක් විලසිනි.එමෙන්ම ගල් පර්වත අස්සෙන් ගංගාව රිංගා ගලා බසී. කවියා සැගවෙමියි පැවසූයේ එහෙයිනි.ගල් පර රහිත තැනිතලාවෙන් ගලන කළ දිය දහර නිසසලය.තරමක් පහලට ගලායන කල සසලය. වක්කව ගලතා විට ඇබරෙමි ලෙස සදහන් කරයි.මෙම වචන පෙළ තුළින් ශබ්ද රසයක් ඇති කිරීමට සමත්ව ඇත.දහසක් බාධක මැඩගෙන ගංගාව නැමැති ස්ත්‍රිය ඇගේ සැමියා සොයා යන්නීය.තම සැමියා හමුවූ විට ඈ සතු ජීවන බර ඔහුට දී නිදහස් වීම පිණිසය. ගඟ සහ මුහුද ,මානව සමාජයේ බිරිඳ හා සැමියාට ආරෝපණය කර එයට සජීවී බවක් ලබාදීමට කවියා උත්සාහ කර ඇත.


                    "එන්නේ කොහි සිටද කොතැනකටද                 යන්නේ                           ඔබ කුමකටද මා දුටු තැන                           විමසන්නේ                           මිනිසුන් ගිහින් නිතරම ආපසු                           එන්නේ                           කිම දැයි කියා කිසිවකු ඇයි                නොසොයන්නේ"                        ගගක් දුටු තැන එන්නේ කොහි සිටද ? යන්නේ කොහාටද යන ප්‍රශ්න කාටත් පොදුවූ ප්‍රහ්නය මේ ප්‍රශ්නවලට පිළිතුරු දී එපා වී ඇති බවක් ඊළග කවි පද දෙකෙන් අපිට පෙනේ.මිනිසුන් ගිහින් ආපසු එන්නේ කොහිසිටද යන්න සොයා බලන්නේ නැද්ද ? යන ප්‍රශ්නය ඇය අපගෙන් විමසා සිටී. අනුන්ගැන නොසොයා තමන් ගැන සොයා බලන්න යන පණිවිඩය අපට ලබාදෙයි.මේ තුළින් ද ගඟට සජීවී බවක් ආරෝපනය කර ඇත.

                     "මී අඹ -කිරල මාදම්  ගෙඩි ළදරු            වියේ                                          ඇකයෙහි  හෙලා හඩවයි සැඩ සුළග      රැයේ                                          සුළි මැද කැරකෙමින් ඉදුනිල් ගැඹුරු      දියේ                                          සමහර තැනක ලස්සන මල් කැකුළු        තියේ "

                   රාත්‍රිෙය් හමන සැඩ සුළගින් මී අඹ -කිරල - මාදම් ගෙඩි පොකුරුවලින් ගිලිහී ළදරු වියේදීම බිමට පතිත වේ. "ළදරු වියේ"යන යෙදුම අප භාවිතා කරන්නේ ජීවී වස්තූනිට පමණි.ගංඟාව නමැති කාන්තාවගේ උකුලට වැටෙන මේ ගෙඩි හඩා වැටෙන බව කවියා පවසයි.කවියා අජීවී ලෝකය පුරා ජීවය වපුරා ඇති ආකාරය ඉතා විශිෂ්ඨය.


Post a Comment

Post a Comment