-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

"පූජ්‍ය" වෙනුවට "පින්වත්" කියා මහා සංඝ රත්නය ඇමතීම කෙතරම් සුදුසුද?

 Edu.com

චිරාත්කාලයක් පුරා අප සිංහල බෞද්ධ සමාජය හැඩ ගැසුනේ ත්‍රිවිධ ආකාරයකින් ( සම්මුති, සේක, අසේක ) උතුම් වූ අප මහා සංඝරත්නයට සිතිවිලි මාත්‍රයෙන් පවා උපරිම ගෞරවය දැක්වීමටයි. හේතුව නම් අපි භාවිත කරන වචන, සිතිවිලි වලින් එතුමන්ට කරන අගෞරවයන් ඉතා බරපතල අකුසල කර්ම වීමයි. මෙයට පිළියමක් ලෙස ප්‍රඥාවන්ත සැදැහැවත් බෞද්ධයා අප මහා සංඝ රත්නය වෙනුවෙන්ම වෙනම විශේෂණ මාලාවක් භාවිත කිරීමට හුරු වූහ. පූජ්‍ය, පූජ්‍යපාද, අති පූජණීය, පරම පූජණීය යනු මේවායින් කීපයක් පමණි.


සරලව කියන්නේ නම් අප හෙළ භාෂාව ත්‍රිවිධ රත්නයට දිය යුතු ගෞරවය අංශයෙන් දියුණුව මස්තකප්‍රාප්ත වී බොහෝ කල්ය. මොනයම් කැපීපෙනීමේ උත්සාහයක් නිසා එයට කරන යම් වෙනසක් වේ නම් එය හුදෙක් දැනටමත් ඇති භක්තිය ගෞරවය වනසාදැමීමක් වීමට ඉඩ ඇත. බෞද්ධයෝ කිසිවිටෙකත් මෙවන් ජනප්‍රිය රැලි වල ගොදුරු බවට පත්වී සිය සසර වනසා නොගත යුතුයි.


මෙවන් පූර්විකාවක් අපට ලිවීමට සිදුව ඇත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන්ගේ අළුත්ම වචන හරඹයක් නිසාය. එතුමාගේ සංස්ථාවේ සියළුම භික්ෂූන් වහන්සේ හැඳින්වීමට මේ උපරිම ගෞරව විශේෂණ යොදා නොගන්න බව ඔබ දුටුවාද? අහම්බයක් හෝ අතපසු වීමක් යැයි අපි මුළින් සිතුවත් සියළුම ප්‍රකාශන වල එම හිමිවරුන් හඳුන්වා දෙන්නේ “පූජ්‍ය” වෙනුවට “පින්වත්” යනුවෙනි.


පින්වත් යන විශේෂණය ගිහි පැවිදි කා වෙනුවෙන් වුවද භාවිත වන ඉහල ගෞරවයක් කිසිසේත් ගම්‍ය නොවන ඉතා සරල විශේෂණයකි. එය අමුතුවෙන් ප්‍රකාශ නොකලද මිනිස් ලොව සුගතියක් බැවින්, මෙලොව හා සියළු සුගති වල ප්‍රතිසන්ධි ගත් සත්වයෝ අනිවාර්‍යයෙන්ම පින්වත් බවද කවුරුත් දන්නා කාරණයකි.


එසේ නම් මිනිස් සමාජයේ ඉහලම ස්ථානයට පත්, අර්හත් ධජය දරණ, අපිට ඇති එකම පින්කෙත වන් අති උතුම් භික්ෂූන් වහන්සේලාට එම විශේෂණය කෙතරම් සුදුසුදැයි ඔබ මදකට සිතා බැළුවාද?


එය කිසිසේත් අපට නම් අනුමත කල නොහැකි විශේෂණයකි. සංඝරත්නයට එරෙහි වචී දුෂ්චරිතයකි. බරපතල පාපයකි. ඔබ අතින් අත්වැරදීමකින් හෝ මේ සරල විශේෂණය ගෞරවණීය භික්ෂූන් වහන්සේ සඳහා භාවිත කර ඇත්නම්, වහාම “කායේන වාචා චිත්තේන…..” ආදී වශයෙන් එන ගාථාව කියා සංඝ රත්නයේ සමාව අයදින්න. ඔබ හඳුනන කිසිකෙනෙක්ට එම පාපය කර ගැනීමට ඉඩ නොතබන්න. සැදැහැවත් බෞද්ධ ජනතාව මේ නුසුදුසු රැල්ලෙන් බේරා ගන්න මේ පණිවිඩය බෙදා හරින්න.

Post a Comment

Post a Comment

Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign