සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං
තේරුම:-
සියලු පාපයන් දුරුකිරීමද - කුසල් රැස්කිරීමත්
රැස්කරගත් කුසල් වැඩිදියුණු කිරීමත් - සියලු බුදුවරුන්ගේ අනුසාසනාවයි.
🌷තේරුම විස්තර කිරීම
🌼__සියලු පාපයන් දුරුකිරීම යනු අවම වශයෙන් පංච ශීලයවත් රැකීමෙන් කයවචනය සිත සංවර කරගැනීම සහ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් මූල දුරුකිරීමයි.
ලෝභය - යනු සැපවේදනාව දැඩිලෙස තමාවෙත ග්‍රහණය කර තමාට අයිතකරගැනීමට, තමා සතු කරගැනීමට ඇති අධික තණ්හාව, තෘෂ්ණාව, ඇල්ම.
ද්වේෂය - සැපවේදනාව වෙනුවෙන් භාහිර වස්තූන් හා පුද්ගලයන් සමඟ ගැටීම හා වෛර කිරීමයි
මෝහය - තාවකාලික,අවසන්වෙන නිතර වෙනස්වන සැපවේදනාව නිත්‍ය, දිගටම පවත්වාගත හැකි නැතහොත් සදාකාලික සැපවේදනාවක් ලෙස දැකීමයි.
🌼කුසල් රැස්කිරීම යනු,
අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල් මූලයන් රැස්කිරීමයි.
සහ එම අලෝභ, අද්වේෂ අමෝහ යන කුසල් මූලයන් වර්ධනය කිරීමෙන් ඇතිවෙන නිරාමිස සැපත හා සැහැල්ලුව නිසා පංච නීවරණ (කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්දච්චකුක්කුච්චය, විචිකිච්ඡා, තීනමිද්ධ) යටපත් වේ. සමාධිය ඇතිවේ.
🌼රැස්කරගත් කුසල් වැඩිදියුණු කිරීම යනු,
එම සමාධිය වැඩිදියුණු කිරීමෙන් කාය සංස්කාර සන්සිදේ. කාය සංස්කාර සංසිදීම යනු ඇස, කණ, නාසය, දිව, ශරීරය තමාට නොදැනීයාම. මෙම නොදැනීයාම හේතුවෙන් තමා මෙම කය තමාට අයිතිනැතිබව හොදින් අවබෝධය කර ගනී. එනම් කායානුපස්සනාවයි.
🌼කය නොදැනීයාම හේතුවෙන් එම ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් නිසා ඇතිවෙන වේදනාවද නොදැනීයයි එනම් වේදනා සංස්කාරයන්ද සන්සිඳේ. එවිට වේදනාවද තමාට අයිතිනැතිබව හොඳින් අවබෝධකරගනී. මෙය වේදනානුපස්සනාවයි.
🌼වේදනාව සංසිදීම නිසා වේදනාව හේතුවෙන් ඇතිවෙන සිතුවිලිද සංසිදේ/ නැතිවීයයි. එනම් චිත්ත සංස්කාරයන් සංසිදේ. එවිට මෙම සිතුවිලිද තමාගේ නොවන බව හොදින් අවබෝධ කරගනී. එය චිත්තානුපස්සනාවයි.
🌼සිතුවිලි සංසිදීම නිසා සිතුවිලි හේතුවෙන් ඇතිවෙන ප්‍රීතිය, සැපය, උපේක්ෂාව ද සංසිදේ එවිට එම සැපයද, ප්‍රීතියද, උපේක්ෂාවද, සැහැල්ලුබවද තමාගේ නොවන බව හොදින් අවබෝධකරගනී. එය ධම්මානුපස්සනාවයි.
එවිට සියලු සංස්කාරයන් සංස්කාරයන් සංසිදුවා නිර්වාණය සාක්ෂාත් කරගනී. ප්‍රඥාව ඇතිකර ගනී..
🌸මෙය ඔබටද කලහැකි දෙයකි. මෙහි ප්‍රථිපල ඔබට මේ ජීවිතයේම අද්දැකීමෙන්ම ලබාගත හැක. මේ ජීවිතයේම ශ්‍රේෂ්ඨ මරණ සතරින් එකක් ලබාගන්න අදිටන් කරගනිමු.
උපුටා ගැනිමකි
ධර්ම දානය පිණිස ...
තෙරුවන් සරණයි !!!
Post a Comment