-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

Simple Present Tense (සරල වර්තමාන කාලය)

Edu.com

Join group 

පුරුද්දක් වශයෙන් කරනු ලබන දෛනික ක්‍රීයා සරල වර්තමාන කාලයට අයත්වේ


I go to school - මම පාසලට යමි.


I Come to school - මම පාසල් එමි.


He goes to school everyday - ඔහු දිනපතා පාසල් යයි.


1st Person (උත්තම පුරුෂ) 

I (මම) , We  (අපි) 


2nd Person (මධ්‍යම පුරුෂ)

You ( නුඹ , නුඹලා )


3rd Person (ප්‍රථම පුරුෂ)  He (ඔහු) , She (ඇය) , It (ඌ)


සරල වර්තමාන කාලයේ ප්‍රථම පුරුෂ ඒක වචන වාක්‍ය තනන විට සෑම විටම ක්‍රියාපදයට "es" හෝ "S" එකතු කරනු ලැබේ.



උදාහරණ:-

He Comes to school  - ඔහු පාසල් එයි.

He smokes - ඔහු දුම්පානය කරයි.

she wears a saree to school - ඇය පාසලට සාරියක් අඳියි.


Simple Present Tense වලින් ප්‍රශ්න තනන අන්දම


What do you do on Monday ? - සඳුදා දවස්වල ඔබ මොකද කරන්නේ ?

What do you wear to school ? - පාසලට ඔයා මොකක්ද අඳින්නේ ?

why do the buddhist go to the temple on poya day ? -ඇයි පෝය දාට බෞද්ධයන් පන්සල් යන්නේ ?


පිළිතුරු (Answers)


I go to the library on Monday - මම සඳුදට පුස්තකාලයට යමි

I were shirt and trouser to school - මම පාසලට කම්සය හා කලිසම අඳිමි

the buddhist go to temple to observe sil on poya days - බෞද්දයෝ පන්සල වෙත යන්නේ සිල් සමාදන් වීමටයි.


ඉහත සඳහන් වාක්‍ය වලින් දෛනික ක්‍රියාවන් ගැන සටහන් කර ඇත.


තවද Do හා Does යන ක්‍රියාවන් ගැන අපගේ අවදානය යොමු කරමු.


Do :- මෙම වචන යොදන්නේ වර්තමාන කාලයේදී පමණයි. 


උදාහරණ:- 


🔆I do not smoke - මම දුම් නොබොමි.


🔆We do not smoke - අපි දුම් නොබොමු.


🔆They do not come on sundays - ඔවුහු ඉරිදා දිනවල නොපැමිනෙති.


questions (පුශ්න) 


Do you know him ? - ඔයා ඔහුව අදුනනවද?


What do you want to know about him ? - ඔබට ඔහු ගැන දැනගන්න අවශ්‍ය කුමක්ද ?


Why do you study English ? - ඔබ ඉංග්‍රසි ඉගෙන ගන්නේ ඇයි ?


Does :- මෙම වචන යොදන්නේ වර්තමාන කාලයේ ප්‍රථම පුරුෂ ඒක වචන සමග පමණි. 

(HE , She , It සමග පමණී)


උදාහරණ:- 


He doesn't smoke - ඔහු දුම්පානය නොකරයි.


He doesn't know me by my name - ඔහු මාව මගේ නමින් දන්නේ නෑ.


questions (ප්‍රශ්න)


🔽Does he smoke ? - ඔහු දුම් බොනවද ?

🔽Does it work with battery ? එය බැටරියෙන් වැඩකරනවද ?


🔽What does he do for his living ? - ඔහු ජීවත් වීම සඳහා කුමක්ද කරන්නේ ?



1 comment

1 comment

  • EDU COM
    EDU COM
    February 8, 2022 at 10:39 AM
    😍😍😍😍
    Reply