විචාරයක් මුලින් ලියනකොට මුලින්ම කවි ඇසුරෙන් තියෙන විචාර ලියන්න තෝර ගත්ත නන් ලේසී... මොකද උපුටන එක්ක තියෙන විචාර
උදා:-
සතර කන් මන්ත්‍රණය
ලෙන අතහැර යාම
දියමන්ති මාලය
අපට වැසිකිලියක්
ඒ වගේ පාඩම් වල උපුටුන හරියටම ඒ විදිහටම තියෙන්න ඕන ....
ඉතින් කවි ඇසුරෙන් සාහිත්‍ය රසාස්වාද ලියනවනම් ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න පුලුවන්....
මොකද කවියේ පද 4 හදුන්වලා කවියේ පද 4 ලිව්වාමා සම්පුර්ණයෙන් ම ජේදයක් පිරෙනවා...
ඉතින් විචාරයක් මුලින් ලියනකොට
1) පාඩම අදාලව පොඩි හැඳින්වීමක් කරන්න ඕන මුල් පේළි 6 දී..
2) දෙවෙනි පේළියේදී ප්‍රශ්නය සම්බන්ධ කරන්න ඕන...
3) තුන්වන පේළියේදී ප්‍රශ්නය හදුන්වන්න ඕන...
4) ප්‍රශ්න සම්බන්ධ කිරීම පිළිතුර සමග...
5) උපුටන ගෙන හැර දැක්වීම.....
6) අවසානය ( ඉහත සදහන් කරුණු අනුව ) යන ලෙසට ලිවීම...
ඔය මූලික කරුණු හය හොදට මතක තියා ගත්ත නම් විචාරයක් ලියනවා කියන එක අමාරු දෙයක් නෙවේ...
පුලුවන් තරම් විචාර ලියනකොට ප්‍රශ්න 3ම කවි වලින් ලියන්න උත්සහ කරන්න.....
විචාර ලියන්න භය වෙන්න එපා .. .
පද්‍ය විචාර විදිහට එන්නේ
දරු නැලවිල්ල
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට
කුරහන් ඉසිමුව
ඔයාලා හිතන තරන් විචාර ලියන එක අමාරු නැහැ......
මට දෙයක් කියන්න අමතක වුනා සමහරවිට විචාරයක් ලියනකොට ඔයාලට ගලපගන්න ඕන කරුණු අමතක වෙලා කවි 3 හෝ කව් 4 ලිව්වත් ලකුණු හම්බෙනවා...
කවි 3 කියන්නේ ( ලකුණු 10 ප්‍රශ්නයට )
කවි 4 කියන්නේ ( ලකුණු 15 ප්‍රශ්නයට )
Post a Comment