-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ඉතිහාසය වැදගත් කරුණු කිහිපයක්

 🎆🎆 *1)පනාකඩුව තඹ සන්නස කරවූ රජු සහ එය අයත් වන සියවස නම් කරන්න*


පලමුවන විජයබාහු

ක්‍රි.ව.12 සියවස


🎆🎆 *2)මුල් ඓතිහාසික යුගය වශයෙන් සැලකෙන කාල පරිච්ඡේදය*


ක්‍රි.පූ.450 සිට ක්‍රි.ව.300 දක්වා කාලය


🎆🎆 *3)දුහතර රජ යන පදය ඇති සෙල්ලිපිය*


කෑගල්ලේ යටහලෙන සෙල්ලිපිය 


🎆🎆 *4)අනුරාධපුරයේ විසූ පර්සියානු වෙළදුන් කණ්ඩායමක් ගැන සදහන් කළ දේශාටකයා*


කොස්මොස් ඉන්ඩිකොප්ලේටස්


🎆🎆 *5)තිස්ස නම් විහාරයට කරීස 8 ක පූජාවක් කළ බව සදහන් සෙල්ලිපිය කරවූ රජු කව්ද*


කූටකණ්ණාබය රජු


🎆🎆 *6)තිල සංගුලිකා යනුවෙන් හැදින්වූ ආහරයක් ගැන සදහන් වන්නේ*


දම්පියා අටුවා ගැටපදයේ


🎆🎆 *7)සුදු ඇතෙකු තබාගෙන සිටි අලකෝනාර් පිළිබදව සදහන් කළ දේශාටකයා*


ඉබන් බතූතා


🎆🎆 *8)මඩිගේ බද්ද යනු කුමක්ද*


ප්‍රවාහන කටයුතු පිලිබද තිබූ බද්ද


🎆🎆 *9)ලෝරාට සැහැලි කවි ග්‍රන්ථය රචනා කළේ*


පෙට්රාක්


🎆🎆 *10)වර්ෂ 1764 දී උඩරට ආක්‍රමණය කිරීම මෙහෙයවූ ආණ්ඩුකාරවරයා*


බැරන් වෑන් එක්


🎆🎆 *11)බැටලු වර්ග අභිජනන ක්‍රම සොයා ගත්තේ*


රොබට් බැක්වෙල්


🎆🎆 *12)මෙරට දෙවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරය*


තෝමස් මෙට්ලන්ඩ්


🎆🎆 *13)ලංකෝපකාර මුද්‍රනාලය පිහිටවීමට මූලික වූ තැනැත්තා*


පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි


🎆🎆 *14)රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය නිලධාරීන් තිදෙනා*


රාජ්‍ය ලේකම් 

මුදල් ලේකම් 

නීති ලේකම් 


🎆🎆 *15)ස්ටේට්ස් ජනරාල් සභාව ප්‍රංශ විප්ලවයට පෙර අවසාන වතාවට කැදවූයේ*


1614 දී


🎆🎆 *16)හිට්ලර්ගේ පක්ෂය කුමක්ද*


ජාතික සමාජවාදී පක්ෂය 


🎆🎆 *17)ජර්මනිය එක්සත් කිරීමේදී බිස්මාර්ක් යටත් කරගත් ප්‍රංශයේ සාරවත් ප්‍රදේශ 2*


ඇල්සාස් ලොරේන්


🎆🎆 *18)පැරිස් සාම ගිවිසුම අත්සන් කළ වර්ෂය*


1783


🎆🎆 *19)හිට්ලර්ගේ මාධ්‍ය කටයුතු භාරව සිටි ඇමතිවරයා*


ගොබෙල්ස්


🎆🎆 *20)ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටවූ පුද්ගලයා සහ වර්ෂය*


දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ 

1943```


Post a Comment

Post a Comment