EDU.COM
සුළඟ෴
සුළඟ හරි නිදහස් ය
කියා ඔබ සිතුවාට
මටත් හරි වෙහෙසයි
හමා ගොස් දස අත
කොයි තරම් නම්
වැඩ ඇති ද මට
කරන්නට දවසකට
හඬන්නට කැමති වලා කෙල්ලක
සොයාගත යුතුය අද මම
වැසි යදින ගොවි බිමක
ඉහළ අහසේ හිඳවන්න
දහවලට පෙර වලා සේලයකුත්
වියාගත යුතුය තනිව ම
සිඟිති මල් පෙති මතට
හිරු එබෙන්නට පෙර
පෙරා දිය යුතුය
සැඩැති හිරු කිරණ මම
පිපෙන මල් කැකුළකට ඉඩ ගන්න
වියළි මල් කිනිති සෙමෙන් සොලවා බිමලන්න
අදත් මා යා යුතුය
අලුත් මල් පුබුදන්න...
යළිත් අහසට නැග සවස
තරු රටා මතුකර
රෑ අහස ඇමදිය යුතුය
නිදිවරා රෑ පුරා
සඳ වසන කළු වලා
දුරක පා කළ යුතුය
මවනවිට ලෝකය
දී ඇතත් රිසි තැනක යන වරය
රිසි තැනක නවතින්න
දී නොමැත අවසරය
සුළඟ හරි නිදහස්ය
කියා ඔබ සිතුවාට
Post a Comment