Join our group
🌺ඉතිහාසය කෙටි ප්‍රශ්න සදහා🌺
🌺පිළිතුරු🌺
1.ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සංඛ්‍යාවට වඩා නිලලත් සංඛ්‍යාව තුනකින් වැඩිවූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කුමක්ද ?
🌟කෝල්බaaක් ආණ්ඩුක්රමය
2. ආණ්ඩුකාර තනතුර අහෝසි කර අග්‍රාණ්ඩුකාර තනතුරක් ස්ථාපනය කරනු ලැබුවා ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කුමක්ද?
🌟සෝල්බරි ආණ්ඩුක්රමය
3.බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ තුනක් නම් කරන්න.
🌟දකුණු වේල්ස් 🌟යෝක්ෂයර්
🌟ලැන්කැෂයර්
4. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ ඇමෙරිකානු නායකයා කවුද?
🌟ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්
5. වර්සෙල්ස් ගිවිසුම ඇති කර ගැනීමට 1919 ප්‍රංශයේ පැරිස් නුවර පැවති සාකච්ඡාවට ප්‍රංශය නියෝජනය කළ අගමැතිවරයා කවුද?
🌟ක්ලෙමෙන්ෂෝ
6.දෙවන ලෝක සංග්රාමයෙන් පරාජයට පත් වූ රටවල් හඳුන්වනු ලබන පොදු නාමය කුමක්ද ?
🌟අක්ෂ පිල
7.ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා හා ඔහුගේ බිරිඳ ඝාතනයට ලක් වූ රට කුමක්ද ?
🌟බොස්නියාව
8. ජපානයේ හිරෝහිතෝ අධිරාජයා කොන්දේසි විරහිතව යටත් වීමට හේතු වූ සිද්ධිය නම් කරන්න
🌟ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීම
9.පළමුවන ලෝක මහා සංග්‍රාමයේ අවසානයේ දී ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුම කුමක්ද ?
🌟වර්සෙල්ස් ගිවිසුම
10. ගල් යුගයට අයත් මෙරට ප්‍රජාව ජීවත් වූ ප්‍රධාන පරිසර කලාප ගණන කීයද?
🌟අටකි
11. වර්ෂ 1560 එකේදි පුවිරාජ පණ්ඩාරම් කුමරා ගෙන් පරාජයට පත්ව රාජධානිය අතහැර යාමට සිදු වූ රජු කවුද?
🌟සංකිලි රජතුමා
12. පළමුවන විමලධර්මසූරිය රජුගේ පියා කවුද?
🌟වීරසුන්දර බණ්ඩාර
13. ඇමෙරිකානු නිදහස් සටනෙහි සටන් පාඨය කුමක්ද ?
🌟නියෝජිතයන් නැත්නම් බදුත් නැත
14. අතීතයේ ඔලගම් ලෙස ව්‍යවහාර වූයේ මොනවාද?
🌟ජනතාව විසින් අතහැර දමනු ලැබූ වැව් ගම්
15. රාජ්‍යත්වයට පත්වී වස වී වසර දහයක් ගත වන විට මෙරට ග්‍රාම සීමා සටහන් කළ රජු කවුද ?
🌟පණ්ඩුකාභය රජතුමා
Post a Comment