-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ඉතිහාසය කෙටි ප්‍රශ්න

 

Join our group

🌺ඉතිහාසය කෙටි ප්‍රශ්න සදහා🌺

                 🌺පිළිතුරු🌺


1.ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සංඛ්‍යාවට වඩා නිලලත් සංඛ්‍යාව තුනකින් වැඩිවූ ආණ්ඩුක්රම ප්රතිසංස්කරණය කුමක්ද ?

🌟කෝල්බaaක් ආණ්ඩුක්‍රමය 


2. ආණ්ඩුකාර තනතුර අහෝසි කර අග්‍රාණ්ඩුකාර තනතුරක් ස්ථාපනය කරනු ලැබුවා ආණ්ඩුක්‍රම ආණ්ඩුක්රම ප්රතිසංස්කරණය කුමක්ද?


🌟සෝල්බරි ආණ්ඩුක්‍රමය 


3.බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ තුනක් නම් කරන්න.


🌟දකුණු වේල්ස් 🌟යෝක්ෂයර්

🌟ලැන්කැෂයර්


4. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ ඇමෙරිකානු නායකයා කවුද?


🌟ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් 


5. වර්සෙල්ස් ගිවිසුම ඇති කර ගැනීමට 1919 ප්‍රංශයේ පැරිස් නුවර පැවති සාකච්ඡාවට ප්‍රංශය නියෝජනය කළ අගමැතිවරයා කවුද?


🌟ක්ලෙමෙන්ෂෝ


6.දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජයට පත් වූ රටවල් හඳුන්වනු ලබන පොදු නාමය කුමක්ද ?


🌟අක්ෂ පිල 


7.ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා හා ඔහුගේ බිරිඳ ඝාතනයට ලක් වූ රට කුමක්ද ?


🌟බොස්නියාව 


8. ජපානයේ හිරෝහිතෝ අධිරාජයා කොන්දේසි විරහිතව යටත් වීමට හේතු වූ සිද්ධිය නම් කරන්න


🌟ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීම 


9.පළමුවන ලෝක මහා සංග්‍රාමයේ අවසානයේ දී ජර්මනිය  සමග අත්සන් කළ ගිවිසුම කුමක්ද ?


🌟වර්සෙල්ස් ගිවිසුම 


10. ගල් යුගයට අයත් මෙරට ප්‍රජාව ජීවත් වූ ප්‍රධාන පරිසර කලාප ගණන කීයද?


🌟අටකි 


11.  වර්ෂ 1560 එකේදි පුවිරාජ පණ්ඩාරම් කුමරා ගෙන් පරාජයට පත්ව රාජධානිය අතහැර යාමට සිදු වූ රජු කවුද?


🌟සංකිලි රජතුමා 


12. පළමුවන විමලධර්මසූරිය රජුගේ පියා කවුද?


🌟වීරසුන්දර බණ්ඩාර 


13. ඇමෙරිකානු නිදහස් සටනෙහි සටන් පාඨය කුමක්ද ?


🌟නියෝජිතයන් නැත්නම් බදුත් නැත 

 


14. අතීතයේ ඔලගම් ලෙස ව්‍යවහාර වූයේ මොනවාද? 


🌟ජනතාව විසින් අතහැර දමනු ලැබූ වැව් ගම් 


15. රාජ්‍යත්වයට පත්වී වස වී වසර දහයක් ගත වන විට මෙරට ග්‍රාම සීමා සටහන් කළ රජු කවුද ?


🌟පණ්ඩුකාභය රජතුමා







Post a Comment

Post a Comment