-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ජීවයේ රසායනික පදනම කෙටිසටහන් 03

 🔶 10 ශ්‍රේණිය විද්‍යාව


 01 පාඩම


 🔶ජීවයේ රසායනික පදනම* 


 Part -03


♦️ නියුක්ලික් අම්ල


📌නියුක්ලියෝටයිඩ නැමැති තැනුම් ඒකක රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාන්ඩයකි. 


 📌කාබන්, ඔක්සිජන්,හයිඩ්‍රජන්, නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු වේ.


📌සජීවී පදාර්ථයේ ප්‍රවේණිකව ඉතා වැදගත් වන්නේ මෙයයි.




♦️නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකකි.


              01.DNA


              02.RNA




 i.DNA


📌DNA අණුවේ තැනුම් ඒකකය වන්නේ ඩිඔක්සි රයිබෝ නියුක්ලියෝටයිඩයි.


📌න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවේ ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත.




 ii.RNA


📌RNA අණුවේ තැනුම් ඒකකය වන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩයි.


📌ප්‍රෝටීන් සංස්ලේෂනයට වැදගත් වේ.




♦️ නියුක්ලික් අම්ල වල වැදගත්කම


i.ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වේ.


ii. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමට වැදගත් වේ.


iii.ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීමය වැදගත්ය


iv.සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීමට වැදගත් වේ.


v. වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම




Edu.com


"විභාගයට එන අමාරු පාඩම් වල කෙටි සටහන් ගන්න අපිත් එක්ක ඉන්න"

Post a Comment

Post a Comment