-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

අගුල්මල් දමනය

 සිංහල සාහිත්‍ය සංග්‍රහය

______________________________________


👉ප්‍රශ්න, 



✨අවස්ථා හා සිද්ධි නිරූපණයට අමාවතුර කතුවරයා දැක්වු දක්ෂතාව පිළිබද ඇගයීමක් කරන්න.


පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඩිතුමන් විසින් රචිත අමාවතුර ග්‍රන්ථය සිංහල බණ කතා සම්ප්‍රදායේ එන මුල්ම කෘතියයි.පුරාණ අටුවාගැට පද සන්න පොත සමූහය පසුබිම් කරගෙන අමාවතුර ග්‍රන්ථය රචනා වී ඇති අතර එය මෙරට ගද්‍ය සාහිත්‍යයේ සුවිශේෂී තැනක් හිමි කොට ගෙන ඇත.ඒ එහි ඇතුළත් භාෂා භාවිතය මෙන්ම අවස්ථා හා සිද්ධි නිරූපණය ප්‍රබලතාව නිසාවෙනි.අවස්ථා හා සිද්ධි නිරූපණයට අමාවතුර කතුවරයා දැක්වූ දක්ෂතාව කෘතිය වඩාත් රසවත් හා ආකර්ෂණීය කිරීමට ඉවහල් වී ඇත.


ගුරුළුගෝමී පඩිතුමාගේ රචනාකරණයේ දක්ෂතාව කෙතෙක් ද යත් අමාවතුර කෘතිය පුරාවටම එක් එක් පරිච්ඡේදයේ දී අවස්ථාවන් හා සිද්ධීන් නිරූපණය කර ඇති අයුරු අධ්‍යනයෙන් එය මනාව වැටහේ.අමාවතුර ග්‍රන්ථයේ අගුල්මල් දමනය පරිච්ඡේදය ඔස්සේ එය වඩාත් හොදින් අධ්‍යනය කළ හැකි වේ.කතුවරයා පළමු කොට කතාවේ පදනම නොහොත් සමස්ත කතාවේ න්‍යෂ්ටිය කතා ආරම්භයේ පාඨකයාට නිරවුල්ව වටහා ගත හැකි වන අයුරින් සරලව හා සංක්ෂිප්තව රචනය කරනු ලබයි.ප්‍රධාන වශයෙන් ප්‍රධාන චරිතයේ වපසරිය කතුවරයා සංක්ෂිප්තව කතා ආරම්භයේදීම පාඨක මනස වෙත ඇතුල් කිරීමට ප්‍රයත්න දරන අතර එය සමස්ත කතා සන්ගර්භය වටහා ගැනීමට කතාව රසවත් හා ආකර්ෂණීය වීමට ද බලපායි.පහත නිදසුන එම කරුණ සනාථ කිරීමට ඇති සුදුසුම නිදසුනයි.

උදා:- " සියලු නුවර ආයුධ දිළිණ.....එක සොරෙක් වෙයි මහරජ'යි කී යැ"


එමෙන්ම අවස්ථා හා සිද්ධි නිරූපණයේ කතුවරයා සතු තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් ඇතැම් සිද්ධි විස්තරාත්මකව වර්ණනයන් සමග ලිවිය හැකි වුවද කතුවරයා ඉතාම සංක්ෂිප්ත රීතියක් තුළ ගොනු කිරීමයි.අනවශ්‍ය ලෙස සිද්ධීන් පුළුල් කොට රචනය කතාවේ රසයට බාධාවක් විය හැකි වේ එමෙන්ම සංක්ෂිප්ත රචනය පාඨක මනස කෘතිය තුල රදවා ගැනීමට ඉවහල්‍ ය.තවද කතුවරයා කෘතියේ එන සෑම අවස්ථාවක්ම සංකල්ප රූප මැවෙන අයුරින් නාට්‍යානුසාරී ලෙස නිරූපණය කරයි.එය පාඨකයා සජීවී ව,ජීවමානව කතා වස්තුව තුළ රදවා ගැනීමට සමත් වෙයි.එමෙන්ම කතා රසය හා ආකර්ෂණය දියුණු කිරීමටද ඉවහල් වේ.

උදා:- " සොර ක්ලාන්ත වියැ...දිවෙන මුවන් ලුහුබැඳ ගනිම් මැ යැ"


අමාවතුර කතුවරයාගෙ තවත් විශේෂ වූ දක්ෂතාවයක් නම් ඉතා සිත් ගන්නා සුළු අයුරින් කතා රචනය කිරීමයි.පාඨකයට  කෘතිය වඩාත් සමීප වීමට මෙන්ම රසවත් වීමට මෙම කතාවේ අඩංගු සිත් ගන්නා සුළු බව මනාව ඉවහල් වේ.එය අගුල්මල් දමනය පරිච්ඡේදය ඔස්සේ අගුල්මල් සොර බුදුන් හමුවට එන අවස්ථාව ඊට සුදුසුම නිදසුනයි.පහත නිදසුන ඔස්සේ එය මනාව ගම්‍ය මාන වේ.

උදා:- " .බුදුනට සිට මහණැ යි කී යැ.....එ සදැ අගුල්මල් සොර මේ   සැ මහණහු සබව් කියති"


ගුරුළුගෝමී පඩිතුමාගේ අවස්ථා හා සිද්ධීන් නිරූපණයේ හා ශක්‍යතාව හා ප්‍රබලතාව පිළිඹිබු වන තවත් ප්‍රධානතම කරුණක් නම් අවස්ථා නිරූපණය සදහා භාව පූර්ණ වර්ණනා විශේෂ භාවිතය යි.යම් අවස්ථාවක හරය හා රසය වඩාත් ඔප නැංවීම උදෙසා කතුවරයා භාව පූර්ණ වර්ණනා විශේෂ භාවිත කර ඇති අයුරු අමාවතුර කෘතිය පුරාවට නොයෙකුත් අවස්ථා වලදී දැක ගත හැකි වන අතර සාහිත්‍ය කෘතියක් සතු විය යුතු සාහිත්‍යමය බව තවත් දියුණු කිරීම උදෙසා මෙසේ භාව පූර්ණ වර්ණනා විශේෂ භාවිතය ඉවහල් වේ.එය කතුවරයා සතු සුවිශේෂී දක්ෂතාවයකි.

උදා:- "මෙ වෙනි සිංහනාදයෙක් අනෙක් හට නො වෙයි....මම් තියුණු නුවණ ඇති සම්මා සම්බුදුන් විසින් දක්නා ලද බන්දෙමි"


ඉහත උදාහරණ සලකා බැලූවිට අමාවතුර කතුවරයා කෘතිය තුළ ඉතා දක්ෂ ලෙස අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇති බව මනාව ගම්‍ය මාන වේ.

🎓එකතු වන්න අපගේ සමූහ ජාල සමඟ 🎓



📘මෙම සමූහ ඔස්සේ අපගෙ Website එකට එකතු වන නව දත්ත සහ නවතම තාක්ෂණික අංග සහ zoom free classe link , Pdf file ආදී සේවාවන් Whatsapp සමූහ ඔස්සේ ලබා ගත හැකිය.


📘Telegram සමූහ ඔස්සේ ඔබට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සියළුම අධ්‍යාපන පහසුකම් සැපයීම pdf ලෙස video ලෙස සහ website එක තුළට එකතුවන නවතම දත්ත සහ EDU.COM APP පිළිබඳව සේවා සැපයෙ.

View group


Email Subscription

Enter your email address:

Delivered by FeedBurner


Post a Comment

Post a Comment