-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය (11 ශ්‍රේණිය ) කෙටි සටහන්

 03.ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය (11 ශ්‍රේණිය )


×

03.ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය (11 ශ්‍රේණිය )

                   3.1


     ජාතික පුනරුදයේ පසුබිම 




මිෂනාරි සංවිධාන වල ප්‍රධාන කාර්යභාරය වූයේ කුමක් ද ? එම සංවිධාන ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශවල ක්‍රියාත්මක වූයේ ද ?


මොවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වූයේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ක්‍රිස්තියානි ආගම පැතිරවීමයි. බැප්ටිස්ට් මිෂනාරීන් කොළඹ මධ්‍යස්ථාන කොටගෙනද, වෙස්ලියන් මිෂනාරීන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ද, අමරිකන් මිෂනාරීන් යාපනය හා උතුරු ප්‍රදේශ වල ද, චර්ච් මිෂනාරීන් කොළඹ, ගාල්ල, කල්පිටිය, මන්නාරම හා මහනුවර යන ප්‍රදේශවල තම කටයුතු මෙහෙයවිය.




මිෂනාරිවරුන් ශ්‍රී ලංකාවේ තම ආගම පැතිරවීමේ දී උපයෝගී කරගත් ක්ෂේත්‍ර තුන මොනවා ද ?


*ලේඛනය 


*දේශනය


*අධ්‍යාපනය 




මිෂනාරිවරුන් මුද්‍රණය කර බෙදා හරින ලද පොත්පත් කිහිපයක් නම් කරන්න.


*මාසික තෑග්ග-1832 දී චර්ච් මිෂනාරි


 සංවිධානය විසින් මුද්‍රණය කරන ලදී.


*ලංකා නිධානය - 1840 දී ආගමික පුස්තිකා


 සංගමය විසින් මුද්‍රණය කරන ලදී.


*උරගල - 1842 දී බැප්ටිස් සමාගම විසින්


 මුද්‍රණය කරන ලදී.




තම ආගම ප්‍රචාරය කිරීම පිණිස මිෂනාරිවරුන් දේශනය හා අධ්‍යාපනය යොදා ගත්තේ කෙසේ ද ?


මිෂනාරි පූජකවරු පන්සල් හා මහජනතාව ගැවසෙන වෙනත් ස්ථානවල දේශන පවත්වා තම ආගමික ප්‍රචාරවල නිරත වූහ. මිෂනාරි පාසල් ආරම්භ කොට ඒවා පවත්වාගෙන යාමට ඔවුහු කටයුතු කළහ. මෙකල රජයේ තනතුරු ලබා ගැනීමට ඉංග්‍රීසි භාෂා දැනුම අවශ්‍ය විය. මේ නිසා සිංහල හා දෙමළ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා මිෂනාරි පාසල් වලට යාමට සිදුවිය.




      බෞද්ධ පුනරුද ව්‍යාපාරය




බෞද්ධාගම හා දේශීය භාෂා නගා සිටුවීම පිණිස පුරෝගාමීව කටයුතු කළ භික්ෂූන් වහන්සේලා නම් කර, ඔවුන් පිහිට වූ පිරිවෙන් ද සඳහන් කරන්න.


*වලානේ සිද්ධාර්ථ හිමි - රත්මලානේ පරම


 ධම්මචේතිය පිරිවෙන.


*හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි - 1873 දී


 මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන.


*රත්මලානේ ධම්මාලෝක හිමි- 1875 දී


 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන. 




සියම් රටේ රජුගේ ද ආධාර ඇතිව මෙරට පිහිට වූ පළමු බෞද්ධ මුද්‍රණාලයේ කුමක් ද ?


බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි විසින් 1862 දී පිහිටුවන ලද ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය.




ඉන් අනතුරුව බිහි වූ මුද්‍රණාල කිහිපයක් නම් කරන්න.


*කවටකතික මුද්‍රණාලය


*සුදර්ශන මුද්‍රණාලය


*සරසවි සඳරැස මුද්‍රණාලය




මෙකල එළිදැක්වූ බෞද්ධ ප්‍රකාශන කිහිපයක් නම් කරන්න.


*ලක්මිණි පහන


*ලංකාලෝකය


*සරසවි සඳරැස


*සිංහල ජාතිය


*සිංහල බෞද්ධයා




මිෂනාරි පූජකතුමන්ලා සමග වාද විවාද පැවැත්වීමේදී මූලිකත්වය ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා කවුරුන් ද ?


මෙම වාද සඳහා මූලිකත්වය ගත්තේ එවකට කොටහේනේ දීපදුත්තාරාමයෙහි වැඩ වාසය කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ ය. උන් වහන්සේට සහාය දැක්වූ හිමිවරුන් වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, වස්කඩුවේ සුභූති හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි හා රත්මලානේ ධම්මාලෝක හිමියන් ය 




බෞද්ධ පුනරුදය සඳහා පැවැති පංචමහා වාද මොනවා ද ?


*1865 දී බද්දේගම වාදය


*1865 දී වරාගොඩ වාදය


*1866 දී උදන්විට වාදය


*1871දී ගම්පොල වාදය


*1873 දී පානදුරා වාදය




හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ශ්‍රී ලංකාවට පැමිණියේ කුමක් නිසාද ?


මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා ක්‍රිස්තියානි පක්ෂ අතර ඇති වූ කතා ඇතුළත් පොතක් කියවා ඒ පිළිබඳ පැහැදීමක් ඇති වීමෙනි.




බෞද්ධ පාසල් පිහිටුවීමේදී හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අනුගමනය කළ ක්‍රියමාර්ගය කුමක් ද ?


පළමුවෙන්ම මෙතුමා බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයම සමග එක්ව 1880 ජූනි මාසයේ දී කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවන ලදී. අනතුරුව එහි ශාඛා ගාල්ල, මහනුවර, රත්නපුර ආදී නගර වල පිහිටුවන ලදී.මෙහි ප්‍රධාන අරමුණ වූයේ බෞද්ධ ශිෂ්‍යයන් සඳහා බෞද්ධ පාසල් පිහිටුවීමයි.




මේ සඳහා බෞද්ධ පාසල් අරමුදලක් පිහිටුවා, මෙම අරමුදලට ආධාර එකතු කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා සමඟ ඕල්කට්තුමා ගමින් ගම සංචාරය කරන ලදී.මේ නිසා බෞද්ධ පාසල් පිහිටුවීම සඳහා බෞද්ධයන් තුළ උනන්දුවක් ඇති විය.




බෞද්ධ පාසල් පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ පුද්ගලයින් කිහිප දෙනෙක් නම් කරන්න.


*හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා


*හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි


*රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමි


*වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි


*මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි


*දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා


*අමාරිස් ද සිල්වා බටුවන්තුඩාවේ මහතා


*දොන් ස්පෙටර් සේනානායක මහතා 


*අනගාරික ධර්මපාල තුමා


*ජෙරමියස් දියෙස් මහතා 




ශ්‍රී ලංකාවේ මුලින්ම පිහිට වූ බෞද්ධ පාසල් කිහිපයක් නම් කරන්න.


*කොළඹ ආනන්ද විද්‍යාලය


*මහනුවර ධර්මරාජ විද්‍යාලය


*ගාල්ලේ මහින්ද විද්‍යාලයේ


*මාතලේ විජය විද්‍යාලය


*ගම්පොල ජිනරාජ විද්‍යාලය


*නාවලපිටියේ අනුරුද්ධ විද්‍යාලය




20 වන සියවස ඇරඹෙන බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළින් පෝෂණය ලැබූ අනෙකුත් මාහැගි ව්‍යාපාර මොනවා 


ද ?


*ස්වදේශිකයන් තුළ දේශානුරාගය හා


 ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය.


*බෞද්ධ පූජනීය ස්ථාන රැකගැනීමේ


 ව්‍යාපාරය.


*අමද්‍යප ව්‍යාපාරය




දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරමේ ව්‍යාපාරයේ අරමුණ කුමක් ද ?


මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ වේගයෙන් ව්‍යාප්ත ව තිබු බටහිර සංස්කෘතිය වෙනුවට දේශීය සංස්කෘතිය අගය කිරීමට ජනතාව උනන්දු කරවීමෙන් රටට ආදරය කරන ජනතාවක් බිහි කිරීමයි.




දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරයේ සාධනීය අවස්ථාවන් මොනවා ද ?


මෙරට අතීත ශිෂ්ඨාචාරයේ වැදගත්කම හා බෞද්ධ සහජීවනයේ වටිනාකම පැහැදිලි කරමින් අනගාරික ධර්මපාලතුමන් නව චින්තනයක් ඉදිරිපත් කළේය. එමෙන්ම එතුමා මේ සඳහා ක්‍රියාත්මක වූයේ ප්‍රසිද්ධ දේශනා පවත්වමින් හා සිංහල බෞද්ධයා, මහාබෝධි සඟරාව වැනි ප්‍රකාශ වලට ලිපි සපයමිනි.


තම නවකතා හා සිංහල ජාතිය වැනි පුවත්පත් තුළින් පියදාස සිරිසේන මහතා බටහිර සංස්කෘතිය වැලඳගැනීම විවේචනය කළේය.


එමෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා ගිහි උගතුන් දේශීය සංස්කෘතිය අගය මතු කරමින් ජනතාව දැනුවත් කළේ ය.




මෙකල බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමේ කටයුතු කෙසේ සිදුවූයේ ද ?


යුරෝපීය උගතුන් වූ ජෝර්ජ් ටර්නර්, රිස් ඩේවිඩ්, එච්.සී.පී.බෙල්, හෙන්රි පාකර් ආදීන් ඓතිහාසික මූලාශ්‍රය සොයා එළිදක්වමින් පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් හා පර්යේෂණ මගින් පැරණි සංස්කෘතිකාංග මතු කළේය. එමෙන්ම දේශීය උගතුන්ගේ පොතපත නිසා පැරණි ශිෂ්ටාචාරය හා ඓතිහාසික උරුමයන් පිළිබඳව ජනතාව දැනුවත් විය.


මෙකල වලිසිංහ හරිස්චන්ද්‍රතුමා අනුරාධපුරයේ පූජනීය ස්ථාන රැක ගැනීමේ ව්‍යාපාරයක් ඇරඹීය. එසේම අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව ආදී ඉන්දීය බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමට කටයුතු කළේය.




අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න.


බ්‍රිතාන්‍ය පාලනය යටතේ මත්පැන් පානය පැතිර යාමට එරෙහිව භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ නායකයෝ විවිධ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළේ ය. අනගාරික ධර්මපාලතුමා ප්‍රසිද්ධ දේශන හා පුවත්පත් මාර්ගයෙන් මත්පැන් පානය පිටුදැකීමේ කටයුතුවල නිරත විය. පියදාස සිරිසේන මහතා තම නවකතා වල විවිධ චරිත සංවාදයට ලක් කොට මත්පැන් පානය අනිසි විපාක පැහැදිලි කළේය.ජෝන් ද සිල්වා මහතා තම නාට්‍ය මගින් මත්පැන් පානයෙන් සිදුවන විපත පැහැදිලි කළේය. එතුමාගේ සිංහල පරාභව නාට්‍යයේ සුරා කාණ්ඩය තුළින් මත්පැන් පානය අයහපත පෙන්විය.




       හින්දු ආගමික පුනරුදය 




හින්දු ආගමික පුනරුද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ කවුරුන් ද ?


අරුමුග නාවලර්තුමා විසිනි 




හින්දු ආගමික පුනරුද ව්‍යාපාරයට අරුමුග නාවලර්තුමා දැක්වූ දායකත්වය අගයන්න.


ලේඛන මාධ්‍යයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අරුමුග නාවලර්තුමා යාපනයේ වන්නපොනෙයි ප්‍රදේශයේ මුද්‍රණාලයක් අරඹා 'උදයභාණු' නමින් පුවත්පතක් ආරම්භ කළේය.




මෙතුමා දෙමළ සිසුන් සඳහා කාණ්ඩ 3 කින් යුතු පෙළ පොතක් රචනා කරන ලදී.එසේම පෙරිය පුරාණම් හා ස්කන්ධ පුරාණම් ආදි ගද්‍ය පද්‍ය පොත් පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කළේය. හින්දු ආගමික සංස්කෘතියට ගැලපෙන අධ්‍යාපනයක් දෙමළ සිසුන්ට ලබා දීම සඳහා 1849 දී වන්නපොනෙයි ශෛව ප්‍රකාශ විද්‍යාලය ආරම්භ කළේය.




පසුව ඇරඹි ශෛව පරිපාලන සභාව හා හින්දු අධ්‍යාපන සභාව මගින් හින්දු පාසල් පිහිටුවීම තවදුරටත් ශක්තිමත් කළේය. 1872 දී දෙමළ සිසුන් අතර ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රචලිත කිරීම උදෙසා යාපනයේ ශිවන්ගල විද්‍යාලය ඇරඹීය පසුව යාපන හින්දු විද්‍යාලය බවට පත් වූ එම විද්‍යාලයයි.




අරුමුග නාවලර්තුමාගෙන් පසු හින්දු පුනරුද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ කවුරුන් ද ?


*පොන්නම්බලම් රාමනාදන් මහතා 


*පොන්නම්බලම් අරුණාචලම් මහතා




පොන්නම්බලම් රාමනාදන් මහතා ගෙන් හා පොන්නම්බලම් අරුණාචලම් මහතාගෙන් සිදු වූ සේවය අගයන්න.


මේ නායකයන් දෙදෙනා හින්දු පුනරුද ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙන ගෙනයාමට කැපවීමෙන් කටයුතු කරන ලදී. මොවුන් දෙමළ ජනතාව අතර මෙන්ම සිංහල ජනතාව අතර ද ගෞරවාදරයට පත්වූ නායකයන් විය.


1915 දී ආණ්ඩුව යුද්ධ නීතිය පනවා බෞද්ධයන්ට එරෙහිව දැඩි මර්ධනයක් දියත් කළ අවස්ථාවේදී පොන්නම්බලම් රාමනාදන් මහතා බෞද්ධයන් වෙනුවෙන් හඬ නැගීය.




පොන්නම්බලම් අරුණාචලම් මහතා සිංහල නායකයන් සමග එකතු වී දේශපාලන බලතල ලාංකිකයන්ට ලබා ගැනීම සඳහා 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.




     ඉස්ලාම් ආගමික පුනරුදය




ඉස්ලාම් ආගමික පුනරුද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ කවුරුන් ද ?


ඇම්.සී. සිද්දිලෙබ්බේ මහතා 




ඉස්ලාම් පුනරුද ව්‍යාපාරය කටයුතු සාර්ථක කර ගැනීමට කැප වී කටයුතු කළ තවත් නායකයන් දෙදෙනකු නම් කරන්න.


*1883 දී ඊජිප්තුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි


ඔරාබි පාෂා මහතා.


*ටී.බී. ජයා මහතා 




සිද්දිලෙබ්බේ මහතා ඉස්ලාම් ආගමික පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් සිදු කළ කාර්යභාරය පැහැදිලි කරන්න.


සිද්දිලෙබ්බේ මහතාගේ මූලික අරමුණ වූයේ මුස්ලිම් ජනතාව තුළ අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති කිරීමත්, ඉංග්‍රීසි භාෂාව හා අරාබි භාෂාව ඉගෙනීමට ඔවුන් උනන්දු කිරීමත්ය. එතුමාගේ මග පෙන්වීම යටතේ 1882 වර්ෂයේ දී මුස්ලිම් නෙයිසන් නමින් පුවත්පතක් ඇරඹිය. ඉන් පසු මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවිය. මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මුස්ලිම් අධ්‍යාපන සමිතිය නම් සංවිධානයක් පිහිටු වන ලදී. අලුතෙන් ඇති වූ අධ්‍යාපන අවශ්‍යතා නිසා 'මද්රාසා' නම් මුස්ලිම් ආගමික පාසල් ප්‍රතිසංවිධානය කෙරුණි.




ටී.බී. ජයා මහතා මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ කාර්යභාරය පැහැදිලි කරන්න.


මෙතුමා කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පත්ව එම පාසල දියුණු කළේය.ලංකාවේ ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ජනතාව වෙනුවෙන් පාසල් පිහිටුවීම ටී.බී.ජයා මහතා මූලිකත්වය ගෙන කටයුතු කලේය එසේම දේශපාලනඥයකු වශයෙන් ද විශාල සේවයක් සිදු කළේය.



Post a Comment

Post a Comment