-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

සමාන වචන 2

 


උපත - ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,

පිරිසිදු - නොකිලිටි, පවිත්‍ර, නිර්මල, නිමල, පරිශුද්ධ, පිවිතුරු

මුහුණ - වත,මූණ, වුවන, වක්ත්‍රය

දියුණුව - ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම

අශ්වයා - තුරගා, හය,අසු

ඇත්ත - සැබෑ, සත්‍ය, නිබොරු

ස්වාමිපුරුෂයා - සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා

බහුල - බොහෝ, වැඩි, සුබල

‍ඖෂධ - බෙහෙත්, ඔසු

විහිළු - කවටකම්, සරදම්, කොලොප්පම්, ඔච්චම්

කැදැල්ල - කූඩුව(කුරුළු කූඩුව)

රෝගී - අසනීපය, ගිලන්, ලෙඩ

නුවර - නගරය, පුරය, සිදාදිය

පිපාසය - තිබහ, පවස

පර්වතය - ගල, කන්ද

වදුරා - වානරයා, සාමුව, ගොනගුල්

වළාකුළු - වලා,මේඝ, ජලධර

කල්‍යාණ - යහපත්, හොද, කළණ

ජෝඩුව - යුවළ, යුගල, දෙක, සහල

අත - හස්තය, බාහුව

පොල් - නෙරළු

වාඩිවෙන්න - ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න

පැටවුන් - පොව්වන්, පෝතකයන්, දරුවන්, සුතන්

ජයගත්තා - දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා

හිටවමු - ඉන්දමු, සිටුවමු, පැළකරමු, ‍රෝපණය කරමු

බෙල්ල - ගෙල, ග්‍රීවය, බොටුව, කුළල

මාලය - දම,හර, දාමය

හදවත - හෘදය, හද

බිරිද - අබුව, භාර්යාව, බිරින්දෑ, පිය, ප්‍රියම්බිකාව

නෙළුම් - කමල්, පියුම්. තඹුරු, සියපත්, ශතපත්‍ර

එළිය - ආලෝකය, කාන්තිය, රශ්මිය, කිරණ, ප්‍රභාව, කැළුම්, රැස්

සුදුසු - යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි

 දත් - දන්ත, දසන්

තාරකා - තරු, දද

අද්දර - අයිනෙ

සිදුර - හිල,ගුල, කුහරය, ජිද්‍රය, විවරය

වර්ග - ජාතිය

පුංචි - කුඩා,චූටි, සිගිති, පොඩි

දහවල් - දිවා, දවල්

ඉදහිට - කලාතුරකින්

අතීත - පැරණි, පුරාණ, පෙර

ඉහළ පෙදෙස - ඉහත්තාව, උඩපෙදෙස

දුර  - ඈත,එහා, එපිට, ඔබ

රැකියාව - රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය

උසස් - වටිනා, උතුම්, ශ්‍රේෂ්ඨ, උත්කෘෂ්ට, උදාර, උත්තුංග

මුලුමනින්ම - සහමුලින්, සම්පූර්ණයෙන්

යහන - ඇද, සයනය

කණ්ඩායමක් - රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක

මාළු - මත්ස්‍ය, මින්,මීන,මස්ටක

රතු - ලෝහිත, රක්ත

මාළිගය - මන්දිරය, මැදුර, ප්‍රාසාදය, වාසල, පහය

ගුරුතුමී - ආචාර්යතුමී, විනාවි, ගුරුවරිය

තරහ - කෝපය, කේන්තිය. උරණ

දෙසට - දිශාවට, පැත්තට

ගෙම්බා - මැඩියා

පින් - කුසල්, පුණ්‍ය

පන්සල - විහාරය

පිළිතුර - ප්‍රතිවචනය, පිළිවදන්, උත්තර

කොලපාට - හරිතවර්ණය

කවුදෝ - කව්රුදෝ, කිසිවෙක්, කවරෙක්

කොල්ලා - කොළුවා, ළමයා

ගොනා - හරකා, ගවයා, වස්සා, වෘෂභයා

තමාගේ - සිය, ස්වකීය

 ලොව - ලෝකය, ලෝ,දිය. ජගත්

නිතර - නිබද. නිරතුරු, නිරන්තර, නිතින, අනවතරයෙන්, සතන, හැමවිට, හැමතිස්සේ

අහංකාර - උඩගු, ආඩම්බර, එඩි

අකමැත්ත - විරෝධය, නොකැමැත්ත, විරුද්ධත්වය

උණුසුම් - උෂ්ණ, ග්‍රීෂ්ම, රස්න, දාහ,ගිම්

ගැහැනිය - ස්ත්‍රිය, කාන්තාව, ළද,ලිය, දිගැසිය, අහන, ඉතිරිය, ලලනාව, මාගම. කත, මහිලාව, වනිතාව, බවලතා

සතිය - සුමානය

මෝඩ - නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන,

සමූහය - ගොන්න, රාශිය, බොහෝ, බෙහෙවින්

වැද්දා - වනචාරියා. සබර, වනසර

අවිශ්වාසය - සැකය, කුකස

විනාශය - නාස්තිය, වැනසීම. සුන්වීම

යුද්ධය - සටන, සංග්‍රාමය, යුද

ගස්වැල් - තුරුලිය, තුරුලතා, වෘක්ෂලතා, ශාක

දෙව්ලොව - දිව්‍යලෝකය, සුරපුර, සුරලොව, ස්වර්ගය. දෙව්ලොව, දෙව්ලෝ, සග

හසුන - ලිපිය, ලියුම, හස්න, සංදේශය

මිනිස්ලොව - මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව

මෙහෙකරුවා - වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා

ආගම - ධර්මය, දහම, සමය

මහත - ස්ථුල, තර

සුළග - පවන, නළ. මාරුතය

අත්තිවාරම - අඩිතාලම, පදනම

මොනරා - මයුර. නිල්ගෙල, පිල්බර, සිකි

වැටුප - චේතනය, පඩිය

මිශ්‍ර - කලවම්, මුසු

ආරෝග්‍යශාලාව - ‍‍රෝහල, ගිලන්හල, ඉස්පිරිතාලය

පිරිමැස්ම - සකසුරුවම, අරපිරිමැස්ම, අරපරිස්සම

නිශ්ශබ්ද - නිහඩ, නිසල, නිසසල, නිශ්චල

විශ්වාසයක් - අදහසක්, මතයක්

ඇසුවේය - විමසුවේය, විචාළේය

ස්ථිර - නිත්‍ය, තිර

බියකරු - භයානක, භයංකර, බියජනක, බිහිසුනු

උගත් - පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත

පුදුමාකාර - විශ්මිත, අසිරිමත්, අද්භූත, අපූර්ව, විශ්මයජනක

බස්නාහිර - බටහිර, අපරදිග, අවරදිග, ප්‍රතිවීන

නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන

දූපත - දිවයින, දූව, ද්වීපය

වෙහෙර - සෑය, චෛත්‍ය, දාගැබ, ස්තූපය

පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව

සංඥාව - සලකුණ, ඉගිය

නායකයා - නියමුවා, ප්‍රධානියා, මූලිකයා

ඉදිරියේ - අභියස, අබිමුව, ඉස්සරහ, අභිමුඛ

ගීතය - සින්දුව, ගීය

ඉදිබුවා - ඉබ්බා

තරුණ - තාරුණ්‍ය, යොවුන්, යෞවන, තුරුණු, ගැටවර

සහෝදරයා - සොහොයුරා, සොයුරා, බෑයා

ප්‍රශ්නය - පැනය, ගැටළුව


Post a Comment

Post a Comment