-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

උක්ත අනුක්ත භේදය

 

   උක්ත අනුක්ත භේදය


🌸 කර්තෘ කාරක, කර්ම කාරක වාක්‍යය තැනීමේ දී ද, වාක්‍යය වල සදොස් තැන් නිදොස් කිරීමේ දී ද උක්ත අනුක්ත භේදය බොහෝ සේ ඉවහල් වේ.


🍀ඕනෑම වාක්‍යයක ප්‍රධානියා උක්ත වන අතර, සෙසුහු අනුක්ත වේ.


🍀උක්ත පද ප්‍රථමා විභක්තියෙන් තබන අතර, අනුක්ත පද තබනුයේ කර්ම විභක්තියෙනි.


🍀 වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් එය *කර්තෘ කාරක* වාක්‍යය නම් වේ.


🍀වාක්‍යයක කර්මය උක්ත වේ නම් එය *කර්ම කාරක* වාක්‍යය කි.


❄️ *සිංහල භාෂාවේ උක්ත පද අනුක්ත කරන ක්‍රම කිහිපයකි.*🌟


💠ඇතැම් පද වලට නියත වශයෙන් ම වෙන ම අනුක්ත පදයක් ඇත.💠


🔷මම  👉 මා

🔹අපි 👉 අප

🔷තෝ/තී 👉 තා

🔹තොපි 👉 තොප



💠ඒක වචන පදයක් අනුක්ත කිරීමේ දී වෙනසක් සිදු නොවේ.💠


🔶 අම්මා 👉 අම්මා

🔸අලියා 👉 අලියා

🔶පොත 👉 පොත

🔸ගම 👉 ගම



💠අප්‍රාණ වාචී බහුවචන පදයක් අනුක්ත කිරීමේ දී ද වෙනසක් සිදු නොවේ.💠


🔷ගස් 👉 ගස්

🔹ගම් 👉 ගම්

🔷පොත් 👉 පොත්

🔹මැදුරු 👉 මැදුරු

🔷අකුරු 👉 අකුරු



💠අප්‍රාණ වාචී බහුවචන පදයක් ද *"ඕ / හු "* අක්ෂරයන්ගෙන් අවසන් වේ නම් අනුක්ත වීමේ දී *"න්"* අක්ෂරයෙන් අවසන් වේ.💠


🔶ගංගාවෝ 👉 ගංගාවන්

🔸රක්ෂයෝ 👉 රක්ෂයන්

🔶නදීහු 👉 නදීන්

🔸පයුම්හු 👉 පයුමන්



💠ප‍රාණ වාචී බහුවචන පදයක් අනුක්ත කිරීමේ *"න්"* අක්ෂරයෙන් අවසන් වේ.💠


🔷ළමයි 👉 ළමයින්

🔹මව් වරු 👉 මව් වරුන්

🔷ඔවුහු 👉 ඔවුන්

🔹රජහු 👉 රජුන්

🔷කාන්තාවෝ 👉 කාන්තාවන්

🔹බල්ලෝ 👉 බල්ලන්

🔷කරුල්ලෝ 👉 කරුල්ලන්



💠ප‍රාණ වාචී ඒක වචන පදයක් ගෞරවාර්ථ බහු වචන ස්වරූපයෙන් ඇත් නම්, එය ද *"න්"* අක්ෂරයෙන් අවසන් කොට අනුක්ත කර ගත හැකි වේ.💠


🔶බදු රජාණෝ 👉 බදුරදුන්

🔸හමිපාණෝ 👉 හමිපාණන්

🔶මෑණියෝ 👉 මෑණියන්

🔸ගරුතුමාණෝ 👉 ගරුතුමන්



💠අනියමාර්ථ පුරුෂ ලිංග පදයක් අනුක්ත කිරීමේ දී *" කු "* අක්ෂරයෙන් අවසන් වේ.💠


🔷ළමයෙක් 👉 ළමයෙකු

🔹මනිසෙක් 👉 මනිසෙකු

🔷සතෙක් 👉 සතෙකු

🔹යකෙක් 👉 යකෙකු

🔷එකෙක් 👉 එකෙකු

🔹බල්ලෙක් 👉 බල්ලෙකු



💠අනියමාර්ථ ස්ත්‍රී ලිංග පදයක් අනුක්ත කිරීමේ දී *" ක "* අක්ෂරයෙන් අවසන් වේ.💠


🔶ගැහැණියක් 👉 ගැහැණියක

🔸දැරියක් 👉 දැරියක

🔶මැහැල්ලක් 👉 මැහැල්ලක

🔸හෙදියක් 👉 හෙදියක

🔶බැල්ලියක් 👉 බැල්ලියක

🔸සෙබඩක් 👉 සෙබඩක



💠අනියමාර්ථ අප්‍රාණ වාචී පද අනුක්ත කිරීමේ දී ද වෙනසක් සිදු නොවේ.💠


🔷පොතක් 👉 පොතක්

🔹ගසක් 👉 ගසක්

🔷ගෙයක් 👉 ගෙයක්

🔹වාහනයක් 👉 වාහනයක්... ..

Post a Comment

Post a Comment

Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign