උපත - ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,
පිරිසිදු - නොකිලිටි, පවිත්‍ර, නිර්මල, නිමල, පරිශුද්ධ, පිවිතුරු
මුහුණ - වත,මූණ, වුවන, වක්ත්‍රය
දියුණුව - ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම
අශ්වයා - තුරගා, හය,අසු
ඇත්ත - සැබෑ, සත්‍ය, නිබොරු
ස්වාමිපුරුෂයා - සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා
බහුල - බොහෝ, වැඩි, සුබල
ඖෂධ - බෙහෙත්, ඔසු
විහිළු - කවටකම්, සරදම්, කොලොප්පම්, ඔච්චම්
කැදැල්ල - කූඩුව(කුරුළු කූඩුව)
රෝගී - අසනීපය, ගිලන්, ලෙඩ
නුවර - නගරය, පුරය, සිදාදිය
පිපාසය - තිබහ, පවස
පර්වතය - ගල, කන්ද
වදුරා - වානරයා, සාමුව, ගොනගුල්
වළාකුළු - වලා,මේඝ, ජලධර
කල්‍යාණ - යහපත්, හොද, කළණ
ජෝඩුව - යුවළ, යුගල, දෙක, සහල
අත - හස්තය, බාහුව
පොල් - නෙරළු
වාඩිවෙන්න - ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න
පැටවුන් - පොව්වන්, පෝතකයන්, දරුවන්, සුතන්
ජයගත්තා - දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා
හිටවමු - ඉන්දමු, සිටුවමු, පැළකරමු, රෝපණය කරමු
බෙල්ල - ගෙල, ග්රීවය, බොටුව, කුළල
මාලය - දම,හර, දාමය
හදවත - හෘදය, හද
බිරිද - අබුව, භාර්යාව, බිරින්දෑ, පිය, ප්‍රියම්බිකාව
නෙළුම් - කමල්, පියුම්. තඹුරු, සියපත්, ශතපත්ර
එළිය - ආලෝකය, කාන්තිය, රශ්මිය, කිරණ, ප්‍රභාව, කැළුම්, රැස්
සුදුසු - යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි
දත් - දන්ත, දසන්
තාරකා - තරු, දද
අද්දර - අයිනෙ
සිදුර - හිල,ගුල, කුහරය, ජිද්‍රය, විවරය
වර්ග - ජාතිය
පුංචි - කුඩා,චූටි, සිගිති, පොඩි
දහවල් - දිවා, දවල්
ඉදහිට - කලාතුරකින්
අතීත - පැරණි, පුරාණ, පෙර
ඉහළ පෙදෙස - ඉහත්තාව, උඩපෙදෙස
දුර - ඈත,එහා, එපිට, ඔබ
රැකියාව - රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය
උසස් - වටිනා, උතුම්, ශ්‍රේෂ්ඨ, උත්කෘෂ්ට, උදාර, උත්තුංග
මුලුමනින්ම - සහමුලින්, සම්පූර්ණයෙන්
යහන - ඇද, සයනය
කණ්ඩායමක් - රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක
මාළු - මත්ස්‍ය, මින්,මීන,මස්ටක
රතු - ලෝහිත, රක්ත
මාළිගය - මන්දිරය, මැදුර, ප්‍රාසාදය, වාසල, පහය
ගුරුතුමී - ආචාර්යතුමී, විනාවි, ගුරුවරිය
තරහ - කෝපය, කේන්තිය. උරණ
දෙසට - දිශාවට, පැත්තට
ගෙම්බා - මැඩියා
පින් - කුසල්, පුණ්‍ය
පන්සල - විහාරය
පිළිතුර - ප්‍රතිවචනය, පිළිවදන්, උත්තර
කොලපාට - හරිතවර්ණය
කවුදෝ - කව්රුදෝ, කිසිවෙක්, කවරෙක්
කොල්ලා - කොළුවා, ළමයා
ගොනා - හරකා, ගවයා, වස්සා, වෘෂභයා
තමාගේ - සිය, ස්වකීය
ලොව - ලෝකය, ලෝ,දිය. ජගත්
නිතර - නිබද. නිරතුරු, නිරන්තර, නිතින, අනවතරයෙන්, සතන, හැමවිට, හැමතිස්සේ
අහංකාර - උඩගු, ආඩම්බර, එඩි
අකමැත්ත - විරෝධය, නොකැමැත්ත, විරුද්ධත්වය
උණුසුම් - උෂ්ණ, ග්‍රීෂ්ම, රස්න, දාහ,ගිම්
ගැහැනිය - ස්ත්‍රිය, කාන්තාව, ළද,ලිය, දිගැසිය, අහන, ඉතිරිය, ලලනාව, මාගම. කත, මහිලාව, වනිතාව, බවලතා
සතිය - සුමානය
මෝඩ - නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන,
සමූහය - ගොන්න, රාශිය, බොහෝ, බෙහෙවින්
වැද්දා - වනචාරියා. සබර, වනසර
අවිශ්වාසය - සැකය, කුකස
විනාශය - නාස්තිය, වැනසීම. සුන්වීම
යුද්ධය - සටන, සංග්‍රාමය, යුද
ගස්වැල් - තුරුලිය, තුරුලතා, වෘක්ෂලතා, ශාක
දෙව්ලොව - දිව්‍යලෝකය, සුරපුර, සුරලොව, ස්වර්ගය. දෙව්ලොව, දෙව්ලෝ, සග
හසුන - ලිපිය, ලියුම, හස්න, සංදේශය
මිනිස්ලොව - මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව
මෙහෙකරුවා - වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා
ආගම - ධර්මය, දහම, සමය
මහත - ස්ථුල, තර
සුළග - පවන, නළ. මාරුතය
අත්තිවාරම - අඩිතාලම, පදනම
මොනරා - මයුර. නිල්ගෙල, පිල්බර, සිකි
වැටුප - චේතනය, පඩිය
මිශ්‍ර - කලවම්, මුසු
ආරෝග්‍යශාලාව - රෝහල, ගිලන්හල, ඉස්පිරිතාලය
පිරිමැස්ම - සකසුරුවම, අරපිරිමැස්ම, අරපරිස්සම
නිශ්ශබ්ද - නිහඩ, නිසල, නිසසල, නිශ්චල
විශ්වාසයක් - අදහසක්, මතයක්
ඇසුවේය - විමසුවේය, විචාළේය
ස්ථිර - නිත්‍ය, තිර
බියකරු - භයානක, භයංකර, බියජනක, බිහිසුනු
උගත් - පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත
පුදුමාකාර - විශ්මිත, අසිරිමත්, අද්භූත, අපූර්ව, විශ්මයජනක
බස්නාහිර - බටහිර, අපරදිග, අවරදිග, ප්රතිවීන
නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
දූපත - දිවයින, දූව, ද්වීපය
වෙහෙර - සෑය, චෛත්‍ය, දාගැබ, ස්තූපය
පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
සංඥාව - සලකුණ, ඉගිය
නායකයා - නියමුවා, ප්‍රධානියා, මූලිකයා
ඉදිරියේ - අභියස, අබිමුව, ඉස්සරහ, අභිමුඛ
ගීතය - සින්දුව, ගීය
ඉදිබුවා - ඉබ්බා
තරුණ - තාරුණ්‍ය, යොවුන්, යෞවන, තුරුණු, ගැටවර
සහෝදරයා - සොහොයුරා, සොයුරා, බෑයා
ප්රශ්නය - පැනය, ගැටළුව
Post a Comment