නියුක්ලික් අම්ල
*නියුක්ලියෝටයිඩ නැමැති තැනුම් එකක රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාන්ඩයකි.
* කාබන්, ඔක්සිජන්,හයිඩ්‍රජන්, නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු වේ.
*සජීවී පදාර්තයේ ප්‍රවේනිකව ඉතා වැදගත් වන්නේ මෙයයි.
නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකකි.
i.DNA
ii.RNA
i.DNA
*DNA අණුවේ තැනුම් ඒකකය වන්නේ ඩිඔක්සි රයිබෝ නියුක්ලියෝටයිඩයි.
*න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවේ ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත.
ii.RNA
*RNA අණුවේ තැනුම් ඒකකය වන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩයි.
*ප්‍රෝටීන් සංස්ලේෂනයට වැදගත් වේ.
නියුක්ලික් අම්ල වල වැදගත්කම
i.ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වේ.
ii. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමට වැදගත් වේ.
iii.ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීමය වැදගත්ය
iv.සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීමට වැදගත් වේ.
v. වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා ක…
[08:08, 13/09/2021] +94 71 537 9392: පෘක්ටෝස්-
ඉදුණු පලතුරු,මීපැණි, වට්ටක්කා, කැරට් වල ඇත.
*පළතුරු සීනි ලෙස හැඳින්වේ.
* අමු පලතුරු ඉදෙන විට ඒවා තුළ සෑදෙයි.
* පැණි රසින් වැඩිම සීනි වර්ගයයි.
ඩයිසැකරයිඩ
*මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ සෑදෙයි
*මෙහිදී ජල අණුවක් පිට වේ.
* ඩයිසැකරයිඩ අණුවකට ජල අනුවක් එකතු කළ විට යළිත් අදාළ මොනසැකරයිඩ ම ලබාගත හැක.
*ජලයේ දියවේ.
* පැණි රස ස්පඨික වේ.
ඩයිසැකරයිඩ සඳහා උදාහරණ- මෝල්ටෝස්, ලැක්ටොස්, සුක්‍රෝස්
මෝල්ටෝස්
*ප්‍රරෝහණය වන බීජවල ඇත.
* ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් මෝල්ටෝස් අණුවක් සෑදෙයි.
*පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි.
ලැක්ටොස්
*කිරි ආහාරවල ඇත.
*ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් සමග එකතු වීමෙන් ලැක්ටොස් සෑදෙයි.
*ශාක වල නොමැති එකම සීනි වර්ගයයි.
*සුක්‍රෝස් මෙන් පැණි රස නැත
සුක්‍රෝස්
පෘක්ටෝස් +ග්ලූකෝස් --->සුක්‍රෝස් +ජලය
*සුදු හා රතු සීනි වල,උක් හා බීට් වල, ඇතැම් පලතුරු වල, ශාකවල ෆ්ලෝයමීය යුෂයේ
පොලිසැකරයිඩ
*මොනොසැකරයිඩ අණු රාශියක් බහුඅවයවීකරණය වීමෙන් පොලිසැකරයිඩ සැදේ.
* එමෙන්ම පොලිසැකරයිඩ ජලවිච්ඡේදනය වීමෙන් නැවත මොනසැකරයිඩ සෑදේ.
*ඇල් ජලයේ දිය නොවේ. ස්ඵටිකරූපී නොවේ.
උදාහරණ-සෙලියුලෝස්, පිෂ්ඨය හා ග්ලයිකෝජන්
සෙලියුලෝස්-
*ශාක සෛල බිත්තියේ, ශාක තුල පිහිටි තන්තුවල ඇත.
*මිනිස් ජිර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් නොවේ.
* මලබද්ධය වළක්වා ගැනීමට උදව් වේ.
පිෂ්ඨය-
*ධාන්‍ය වර්ග, අල වර්ග, කොස්, දෙල් වල ඇත.
*ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට වර්ගය පිෂ්ඨයයි.
ග්ලයිකොජන්-
*සත්ව අක්මාවේ සහ පේශි වල ඇත.
* සතුන්ගේ සිරුරු තුල කාබෝහයිඩේට් සංචිත කරනු ලබන්නේ ග්ලයිකෝජන් ලෙසයි.
කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම
i.ශක්ති ප්‍රභවයක් ලෙස
ii.සංචිත ආහාරයක් ලෙස
iii.ජීවීන්ගේ සෛල බිත්තිය නිර්මාණය කිරීමට
iv.නියුක්ලෙයික් අම්ල වල සංඝකයක් ලෙස
පිෂ්ටය හදුනා ගැනීමේ පරීක්ෂාව:-
පිෂ්ට ද්‍රාවණයකට අයඩීන් ද්‍රාවණයකින් බිඳුවක් එකතු කළ විට දම්පාටට හුරු නිල් පාටක් ලැබීම
ග්ලූකෝස් ගැනීමේ පරීක්ෂාව:-
පරික්ෂා නලයකට ග්ලූකෝස් ද්‍රාවනයක් ගෙන එයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතුකර එම නලය ජල තාපකයක බහා රත්කිරීමෙන්,
නිල් -->කොළ -->කොළ කහ -->තැඹිලි-->ගඩොල් රතු අවක්ෂේපයක් ලැබීම
සුක්‍රෝස් හදුනා ගැනීමේ පරීක්ෂාව:-
පරීක්ෂණ නළයකට සීනි ද්‍රාවණයක් ගෙන බෙනඩික්ට් ද්‍රාවනයෙන් ස්වල්පයක් එකතු කිරීමෙන් නළය ජල තාපකය කරත් කිරීමෙන් වර්ණ විපර්යාසයක් සිදු නොවේ.
නැවත සකසා ගත් සීනි ද්‍රාවණයකට තනුක සල්පියුරික් අම්ල බින්දු කිහිපයක් දමා රත් කිරීමෙන් පසුව ද්‍රාවණයට බෙනඩික්ට් ද්‍රාවණයෙන් ස්වල්‍යයක් එකතු කිරීමෙන් වර්ණ විපර්යාසය නිරීක්ෂණය කළ හැක.
නිල් -->කොළ -->කොළ කහ -->තැඹිලි-->ගඩොල් රතු අවක්ෂේපයක් ලැබීම.
Post a Comment