-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ගුත්තිල වෙණ නද (විචාරය)

Edu.com


අවස්ථානුකූලව විරිත වෙනස් කිරීමට කතුවරයා තුළ වූ ප්‍රතිභාව ගුත්තිල කාව්‍යය වඩාත් රසවත් කිරීමට උපයෝගී වූ ආකාරය පැහැදිලි කරන්න




     කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය පද්‍ය 511 කින් සමන්විතවේ.වෑත්තෑවේ හිමියන්ගේ ගුරුවරයා වූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය.වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය රචනා කොට තම ගුරුවරයාට යැවීය.


 එහි විරිත පිළි්බදව විස්තර කළහොත්

      

            ගුත්තිල වෙණ නද පාඩමට අදාළ පද්‍ය 1සිට 13 දක්වා කෙටිපද ආකෘතියට රචනා කර ඇත. මෙම පද්‍යවල පාද හතරෙහි මාත්‍රා ගණන අසමාන වේ. සදැස් කවි වල මෙන් මාත්‍රා ගණන අසමාන වේ.එම අසමාන වන පාද සහිත ගී හදුන්වන්නේ ගී කාව්‍යය යන නමිනි.


               “ගුත්තිල ඇදුරු                      සද


                වීණා වයන ලෙස                  හිද 


                පසෙක පනවන                     ලද


                සුදුසු අස්නෙක ගොසින් උන්    සද


           වෑත්තෑවේ හිමි ද අවස්ථානුකූලව ගැළපෙන ලෙස ගුත්තිලහා මූසිලගේ තරගය පිළිබද විස්තර කිරීමට ගී විරිත භාවිතා කර ඇති බව අපට වටහා ගත හැක.

              “කන්කලු වෙණ නද ඇසුමෙහි     ලොබිනේ

               රන් රසු දැල් කොල්හල වන        බියෙනේ 

               සන්සල  නොව එහි පිළිරූ           ලෙසිනේ

               නන් හය සෙන් සිටියෝ සිටි          මතිනේ  

          14 සිට 32 දක්වා පද්‍ය වෙනත් විරිතකින් රචනා කර ඇත. මෙම විරිත පෙද විරිත නමින් හදුන්වයි. ගුත්තිල ඇදුරු තුමාගේ වීණා නාදයෙන් නැංවෙන කර්ණ රසායනයට බාධා නොකර එයම අස අසා සිටීමට ආශාවෙන් ඊට  බාධා වෙවී,ගෙජ්ජි සෙලවේ යැයි බියෙන් අශ්වයන් යම්තම් වත් නොසෙල්වී සිටිති. 

               “රූ රැසේ අදිනා ලෙසේ අත්

                                     ලෙල දිදී විදුලිය පබා 

                රන්රසේ එක්වන ලෙසේ වෙණ 

                                        නාදනූ පා තබ තබා

               කම්පසේ දෙන සැර ලෙසේ දෙස 

                                 බල බලා නෙතගින් සබා

              මම් කෙසේ පවසම් එසේ වර 

                                සුර ලදුන් දුන් රග සොබා 


                  රූප රාශියක් අදිනා ලෙස විදුලිය ප්‍රබාවන් ඇති කරමින් අත් ලෙළ දි රන් හා රසදිය එක්වන්නා මෙන් වීණා නාදයට පා තබමින් ,අනංගයා මල් හීය විදින්නාක් මෙන් නෙතගින් බල බලා ඒ ආකාරයට උත්තම සුරංගනාවන් දුන්නාවූ රංගනයේ ස්වභාවය මං කෙසේ පවසම්ද යනුවෙන් කවියා පවසා ඇත.පෙර පැවති විරිතට වඩා මෙය වෙනස්ය. මෙම විරිත නූපන් සද නම් විරිතයි.වෑත්තෑවේ හිමි යම් අවස්ථාවල ජාතක කතාවලින් ඔබ්බට යමින් උපමා අලංකාර භාවිතා කරේ විරිත රැක ගැනීමේ අරමුණෙනි.

          ඉහත ආකාරයට ගුත්තිල කාව්‍යය කතුවරයා අවස්ථාවට ගැළපෙන ලසෙ විරිත වෙනස් කිරීමේ ප්‍රතිභාව අපට මනාව හදුනාගත හැකිය.


Post a Comment

Post a Comment