මහා මංගල සූත්‍රයේ පුද්ගලයන්ගේ දියුණුවට අදාළ කරුණු 38 ක් දේශිත ය
1.අනුවණයින් ඇසුරු නොකිරීම
2.නුවණැත්තන් ඇසුරු කිරීම
3.පිදිය යුත්තන් පිදීම
4.සුදුසු ප්‍රදේශයක වාසය කිරීම
5.පෙර කරන ලද පින් ඇතිබව
6.සීලාදී ගුණධර්මයන්හි පිහිටීම
7.බොහෝ ඇසු පිරූ තැන් ඇතිබව
8.ශිල්ප ශාස්ත්‍රයෙහි ප්‍රගුණ බව
9.විනය ගරුක බව
10.ප්‍රිය මනාප වචන කතා කිරීම
11.මවුපියන්ට උපස්ථාන කිරීම
12.දරුවන්ට සංග්‍රහ කිරීම
13.භාර්්‍යාවට සංග්‍රහ කිරීම
14.නිවැරදි කාය කර්මයන්හි යෙදීම
15.දන් දීම
16.ධර්මානුකූලව හැසිරීම
17.නෑදෑයන්ට සංග්‍රහ කිරීම
18.නිවැරදි ජීවන වෘත්තින්හී යෙදීම
19.පාපයෙහි නොඇලීම
20.මදයට හා ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය පානය නොකිරීම
21.කුසල කර්මයන්හි අප්‍රමාදී වීම
22.තෙරුවන් කෙරෙහි,මවුපියන් හා වැඩිහිටියන් කෙරෙහි ගෞරව කිරීම
23.යටහත් පැවතුම් ඇතිව විසීම
24.ලද දෙයින් සතුටු වීම
25.කළගුණ දන්නා බව
26.සුදුසු කල්හි ධර්මශ්‍රවණය කිරීම
27.ඉවසීම
28.උත්තමයන්ගේ අවවාද පිලිගැනීම
29.ශ්‍රමනයන් වහන්සේලා දැකීම
30.සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම
31.තපස
32.බ්‍රහ්ම චර්යාව
33.ආර්ය සත්‍යය දැකීම
34.නිවන පසක් කිරීම
35.ලෝක ධර්මයන්ගෙන් ගැටෙනවිට කම්පා නොවීම
36.ශෝක රහිත බව
37.කෙලෙස් නැති බව
38.නිර්භය වීම
Post a Comment