🌀 ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව කරුණු 3කින් විස්තර කරන්න❓
(1) ජනගහනය කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබීම.
(2) බොහෝවිට තම ඤාතීන් මිය ගිය විට තමන් සිටින ගල් ගුහාවේම වැළලීම.
(3) විවිධ දේශගුණයන්ට අනුව ආහාර සකස් වීම
(1)ජනගහනය කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබීම
🎲 සාමාන්යයෙන් එක් කණ්ඩායමක සාමාජිකයන් 15-25ත් අතර විය.එවැනි කණ්ඩායමක උපරිම සාමාජිකයෝ 50ක් වූහ.
🎲සාමාජිකයන් 5 දෙනෙකු සහිත කණ්ඩායමකට 50m2 ක පමණ භූමි ප්රමාණයක් සෑහිණි.
🎲බණ්ඩාරවෙල චර්ච් හිල් නම් ස්ථානයෙන් සයා ගත් ගල්යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථානයේ වපසරිය 150m2 කි.එහි පුද්ගලයින් 25ක් ජීවත්වෙන්නට ඇතැයි සැලකේ.
🎲බෙල්ලන් බැදි පැලැස්සෙන් 120m2 ක වපසරියකින් යුත් ප්රදේශයක මිනිස් ඇට සැකිලි 30ක් සොයාගෙන ඇත.
(2)බොහෝවිට තම ඤාතීන් මිය ගිය විට තමන් සිටින ගල් ගුහාවේම වැළලීම
🎲ගල් ගුහාවක ජීවත් වූයේ තාවකාලිකව නිසා ඇතැම් විට මෙලෙස සිදු කරයි.
🎲දණ්ඩක් හෝ අංකැබැල්ලක් ආධාරයෙන් ගුහාව තුළ වලක් හාරා මළසිරුර තැන්පත් කොට කොලරොඩු වලින් වසයි.
🎲 එසේ තැන්පත් කළ 12 දෙනෙකුගේ ඇට සැකිලි කිතුල්ගල බෙලිලෙනෙන් හමුවී ඇත.
🎲බෙල්ලන් බැඳිපැලැස්සෙන් ද මෙසේ වැළලූ ඇටසැකිලි 30ක් හමු වී ඇත.
🎲පාහියන්ගලින් එක් එක් අවධිවලට අයත් ඇට සැකිලි 9ක් හමුවී ඇත.
(3)විවිධ දේශගුණයන්ට අනුව ආහාර සකස් වීම
🎲විවිධ දේශගුණික කලාප වලට අනුව ඔවුහුගේ ආහාර රටාව සකස් විය.
🎲දිනකට ආහාර සෙවීමේ කටයුතු සඳහා මානවයෝ 7km පමණ දුර ඇවිද ගියහ.
🌀 ප්රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ආහාර රටාව කරුණු 3කින් විස්තර කරන්න.❓
(1)ආහාර සඳහා සතුන් දඩයම් කිරීම
(2)පිෂ්ටය සඳහා ශාක ආහාර ලබා ගැනීම
(3)ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට වැඩි රුචියක් දැක්වීම
(1)ආහාර සඳහා සතුන් දඩයම් කිරීම
🎲ප්රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ආහාර පිළිබඳව වැඩි වශයෙන් තොරතුරු හමු වන්නේ පහතරට තෙත් කලාපයෙන් සහ පහතරට වියළි කලාපයෙන් ය.
🎲මොවුහු දඩයම් කළ සතුන් ලෙස තිත්මුවා,හම්බාවා,ගෝනා,මී මින්නා,ගවරා,කුළුහරකා,කළුවලහා,වඳුරා,මුගටියා,තලගොයා,ඉත්තෑවා,වළිකුකුලා,හබන් කුකුළා,හාවා,දඬුලේනා,උරුලෑවා යන සතුන් ප්රධාන වේ.
🎲මාංස ජනක ධාතු බහුල මිරිදිය මසුන් ද ආහාරයට ගෙන තිබේ.
🎲පහතරට තෙත් කලාපීය ස්වභාවික දිය කඩිති වල වෙසෙන තිත්තයන් ආහාරයට ගෙන තිබේ.
(2)පිෂ්ටය සඳහා ශාක ආහාර ලබා ගැනීම
🎲පිෂ්ටය ලබා ගැනීමට භාවිත කළ ප්රධාන ආහාර වී ඇත්තේ වල්දෙල් හා කැලෑ කෙසෙල් ය.
🎲මීට අමතරව පිෂ්ටය සඳහා ගෝනල,දෝතලු ඇටවල මද,කිතුල් ඇට,කටුඅල භාවිත කර ඇත.
🎲එකල ආහාර පුලුස්සා ආහාරයට ගත් බවට සාක්ෂි හමු වේ.
🎲කිතුල්ගල බෙලිලෙනෙන් වසර 12500ක් පමණ පැරණි පිලිස්සූ කැලෑදෙල් ඇට හමු වී ඇත.
(3)ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට වැඩි රුචියක් දැක්වීම
🎲මොවුහු පහතරට තෙත් කලාපීය ප්රදේශවල හා කලපු ආශ්රිත kkගොළුබෙල්ලන් ආහාරයට ගෙන ඇත.
🎲තම ආහාර සඳහා ලුණු ලබා ගැනීමට මොවුහු විශාල දුර ගමන් කර ඇත.
🎲කිතුල්ගල බෙලිලෙනින් හමුවූ බෙල්ලන්ගේ අවගේෂ මුහුදුබඩ ප්රදේශයෙන් ගෙනා ලුණු සමඟ මිශ්ර වී ඇති බව සොයාගෙන ඇත
Post a Comment