1️⃣ ධම්මසංගනී ප්‍රකරණය 🌼
🔺 "ධම්මසංගහ" යන අර්ථයෙන් මේ නම යෙදී ඇත.
🔸නාම ධර්ම
🔸චතුර් විධ භූත රූප
🔸උපාදාය රූප
විස්තර වේ.
2️⃣ විභංග ප්‍රකරණය 🌼
🔺 "විභංග" යන්නෙත් බෙදා දැක්වීම යන අර්ථය ගෙන දේ.
🔸 සුත්තන්ත භාජනීය
🔸 අභිධම්ම භාජනීය
🔸 පඤ්හා පුච්ඡක
යන තුන් වැදෑරුම් ක්‍රම වලට ස්ඛන්ධාදී ධර්ම බෙදා දක්වා ඇත.
🔺 විභංග 18 කි.
3️⃣ ධාතු කථා ප්‍රකරණය 🌼
🔺 මෙහි විග්‍රහ වන සියළු කොටස් "ධාතු" ලෙස හැඳින්වේ.
🔸 නය මාතිකා
🔸 නය මුඛ මාතිකා
🔸 අබ්භන්නර මාතිකා
🔸 බාහිර මාතිකා
🔸 ලක්ඛණ මාතිකා
යන මාතිකා අනුව
🔺පද 125 ක් විභාග කොට ඇත.
4️⃣ පුග්ගල පඤ්ඤප්ති ප්‍රකරණය 🌼
🔸 උද්දේස
🔸 නිද්දේස
ලෙස කොටස් දෙකකි.
🔺 උද්දේසයේ පුද්ගලයන් 383 ක් දැක්වේ.
🔺 නිද්දේසයේ ඉහත එක් එක් පුද්ගලයා විස්තර කෙරේ.
5️⃣ කථාවත්ථු ප්‍රකරණය 🌼
🔸 පරවාද 500ක් මැඩලමින්
🔸 සකවාද 500ක් තහවුරු කරමින්
🔺 මොග්ගලීපුත්ත තිස්ස හිමියන් විසින්
🔺 3 වන ධර්ම සංගායනාවෙන් පසු රචිත ය.
6️⃣ යමක ප්‍රකරණය 🌼
🔺 අනෙක් ප්‍රකරණ ග්‍රන්ථ වල කරුණු විවරණය කෙරේ.
🔺 "යමක" යනු "යුගලය" යන අර්ථය යි.
🔺 මෙහි සියල්ල යුගල වශයෙන් විග්‍රහ වන බැවින් "යමක" යන නම යෙදී ඇත.
7️⃣ පට්ඨාන ප්‍රකරණය 🌼
🔸 භවය හා
🔸 නිවන පිළිබඳව
🔺 ප්‍රත්‍ය 24 ක් විස්තර කෙරේ.
🔺 මෙහි භවය හා නිවන පිළිබඳ සාපේක්ෂ කරුණු හෙවත් ප්‍රත්‍ය "පච්චය" ලෙස හැඳින්වේ.







Post a Comment