-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

විටමින් ( කෙටිසටහන්)

 අයන්

කාර්යභාරය-

*තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය වේ.


🎓ඌනතා ලක්ෂණ-

*බුද්ධි සංවර්ධනයට බාධා ඇති වේ.

* ඉගෙනීමට මැලි බවක් දක්වයි.

* උස යාම සීමාවේ.


👨‍💻වටමින්

*විටමින් යනු කාබනික සංයෝගයකි.

*ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වන අතර නිරෝගී බව පවත්වා ගැනීමට දායක වේ.

*විටමින් B,C ජලයේ දිය වේ. 

*විටමින් A,D,E,K ජලය දිය නොවෙයි. නමුත් මේවා මේදෙය වේ.



 විටමින් A


 ප්‍රයෝජන-

*පෙනීමට වැදගත් වෙන දුෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ.

*සම පැහැපත් හා නිරෝගීව පවත්වාගෙනයෑමට වැදගත් වේ.


ඌනතා ලක්ෂණ-

*රාත්‍රී අන්ධතාවය 

*ඇසේ බිටෝ ලප ඇති වීම.

* සමේ වියළි බව 

*වැළමිට දනහිස ආදියෙහි කටු වැනි බිබිලි මතු වීම.

* ස්වසන පද්ධතිය ආශිත රෝග


 විටමින් B 

 ප්‍රයෝජන-

*ස්නායු පටක වල නිසි පැවැත්මට අවශ්‍ය වේ.

*රතු රුධිරානු සෑදීමට අවශ්‍ය සංඝටකයකි.

*සම නිරෝගීව පවත්වාගෙන යාමට වැදගත් වේ.

*මේද පරිවෘත්තීය සඳහා වැදගත් වේ.

* ඇටමිදුළු නිර්මාණයට අවශ්‍ය වේ.

* ප්‍රතිදේහ සෑදීමට අවශ්‍ය වේ.

*රක්තානු පරිණතියට අවශ්‍ය වේ.


ඌනතා ලක්ෂණ-

* බැරි බැරි රෝගය 

*මුඛ කොන් වනවීම.

*රක්ත හීනතාව 

*සමේ වියළි බව සහ වර්ණ වෙනස් වීම



 විටමින් C

 ප්‍රයෝජන-

*සමේ නිරෝගීතාව සඳහා වැදගත් වේ.

*දත්වල එනැමලය සෑදීමට අවශ්‍ය වේ.

*කොලැජන් තන්තු සංස්ලේෂණයට අවශ්‍ය වේ.


ඌනතා ලක්ෂණ-

*විදුරුමස් දුර්වලවීම 

*අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වීම 

*රෝග සුව වීමට කල්ගත වීම


 විටමින් D 

ප්‍රයෝජන-

*කැල්සියම් හා පොස්පරස් අවශෝෂනය පාලනය කරයි.


ඌනතා ලක්ෂණ-

*රිකට්සියාව(අස්ති විකෘති වීම)


විටමින් E

ප්‍රයෝජන-

*පටක සහ සෛල වර්ධනයට අවශ්‍යවේ.


ඌනතා ලක්ෂණ-

*පරිනත නොවූ දරු උපත් සිදුවීම.

*රතු රුධිරානු බිදයාම වේගවත් කිරීම.

*ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා


විටමින් K 

ප්‍රයෝජන-

*රුධිර කැටිගැසීමට අවශ්‍ය සංගටක සෑදීමට


ඌනතා ලක්ෂණ-

*රුධිර කැටිගැසීම ප්‍රමාද වීම



Post a Comment

Post a Comment