Grade 10 lesson 04
1. වස්තුවක චලනයට බාධා පමුණුවන බලය ඝර්ෂණ බලය නම් ප්‍රතිරෝධී බලයයි.
2. මෙම ඝර්ෂණ බලය පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතී.
3. ඝර්ෂණ බලයට අඩු බලයක් යෙදූ විට වස්තුව චලනය නොවේ.
4. වස්තුව මත ඝර්ෂණ බලයට සමාන බලයක් යෙදූ විට එම වස්තුව චලනය වීමට ඔන්න මෙන්න අවස්ථාවේ පිහිටයි.
5. ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් යෙදූ විට වස්තුව චලනය වේ.
6. බලයට විශාලත්වයක් මෙන්ම දිශාවක් ද ඇත එබැවින් බලය දෛශික රාශියකි.
7. යම් ලක්ෂයක් මත බලයක් ක්‍රියා කරන දිශාව එම ලක්ෂයේ සිට අඳින ලද සරල රේඛාවකින් දැක්විය හැක එය බලයේ ක්‍රියාරේඛාව ලෙස හැඳින්වේ.
• නිවුටන්ගේ පළමුවන නියමය:- බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේ ම පවතී චලනය වන වස්තූන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ.
• නිවුටන්ගේ දෙවන නියමය:- වස්තුවක් මත ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
F = ma
• නිවුටන්ගේ තුන්වන නියමය:- සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත.
උදා:-
• වාතය පිරවූ බැලූනයක කට බුරුල් කරන විට ඇතිවන චලනය
• රොකට්ටුවක චලිතය
• පිහිනීමේදී
• ඔරු පැදීමේදී
8.වස්තුවක ගම්‍යතාවය එම වස්තුවේ ස්කන්ධයෙන් ප්‍රවේගයෙන් ගුණිතයයි.
P = MV
9.ප්‍රවේගය දෛශික රාශියක් නිසා ගම්‍යතාව ද දෛශික රාශියකි.
10. ස්කන්ධය යනු වස්තුවෙහි අඩංගු පදාර්ත ප්‍රමාණයයි.ස්කන්ධයේ ජාත්‍යන්තර ඒකකය kg වේ.
11. වස්තුවක බර යනු එම වස්තුව පොළොවට ඇද ගන්නා බලයයි.එනම් ගුරුත්වාකර්ෂණය නිසා ඒ මත යෙදෙන බලයයි.
3. බර වල ඒකකය නිව්ටන්(N)
Post a Comment