🔮 *හැඳින්වීම* 🔮
♦️1492 දී කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ බහමාස් වලට ගොඩබැසි ය.
♦️පසුව ඇමරිගෝ වෙස්පුචි ඇතුළු භූගෝල විද්‍යාඥයන් පිරිස එයට ඇමරිකාව යන නම තැබීය.
♦️බ්‍රිතාන්‍යයන් මුල්වරට ඇමරිකාව සොයා ගත්තද වෙනත් යුරෝපීය යන්ද කණ්ඩායම් වශයෙන් ගොස් ජනපද පිහිටු වීය.
උදා:-ස්පාඤ්ඤ ,ඕලන්දය, පෘතුගාලය ,ප්‍රංශය
▪️ *මෙලෙස යුරෝපීයයන් ඇමරිකාවේ ජනපද පිහිටු වීමට බලපෑ හේතු*
1.රෝමානු කතෝලික හා රෙපරමාදු ආගමික ගැටුම්
2.නව ප්‍රදේශවල ඉඩම් අත්කර ගෙන ජන ජීවිතය සෞභාග්‍යමත් කර ගැනීමට
3.කීර්තිය හා ධනය වර්ධනය කර ගැනීමට
*▪️බ්‍රිතාන්‍ය ජනපද පිහිටුවීම**
*•දකුණු ඇමරිකන් ප්‍රදේශ වල :-* ස්පාඤ්ඤවරු, පෘතුගීසීන්
• *උතුරු ඇමරිකන් ප්‍රදේශ වල :-*
බ්‍රිතාන්‍යයන්, ප්‍රංශය
♦️මෙසේ ඇමරිකාවට ගිය සමාගම් හෝ පුද්ගලයින් 1733 වනවිට ජනපද 13 පිහිටුවා තිබිණ
*ඇමරිකන් ජනපද හා බ්‍රිතාන්‍ය පාලනය*
♦️මෙසේ ඇමරිකාව තුළ බ්‍රිතාන්‍ය ජනපද පිහිටුවීමේ දී බ්‍රිතාන්‍ය රජය ඊට කොන්දේසි ඇතුළත් කළහ
*උදා:-* බ්‍රිතාන්‍ය ආධිපත්‍ය ජනපද තුල ක්‍රියාත්මක කරවිය යුතු අතර ඒ නීතිරීති ජනපද තුළ ක්‍රියාත්මක කළ යුතුව තිබුණි
♦️මෙම ජනපද සඳහා ජනපදයක ට එක් ආණ්ඩුකාරවරයෙක් බැගින් බ්‍රිතාන්‍ය රජය පත්කර එවන ලදී.එම ජනපද තුළ ඔහුට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ද තිබුණි
♦️මෙම කරුණු මගින් ජනපදවල ස්වාධීනත්වය අහුරා තිබුණද බ්‍රිතාන්‍ය රජයේ මැදිහත්වීම තවත් ජනපද වලට අවශ්‍ය වූයේ ජනපදවල ආරක්ෂාව තහවුරු වීම සඳහාය
♦️නමුත් ජනපදවාසීන් ප්‍රංශවරුන් සමග හත් අවුරුදු යුද්ධයකට මැදිහත් වීමත් එයින් ජනපදවාසීන් ජය ගැනීමත් නිසා ජනපදවාසීන් ට තවත් බ්‍රිතාන්‍යයන්ගේ ආරක්ෂාවක් අවශ්‍ය වූයේ නැත







Post a Comment