-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ඇමෙරිකන් විප්ලවය Part 02

 

▪ඇමරිකන් විප්ලවය සඳහා තුඩුදුන් අනෙකුත් හේතු:-


🔶ඇමරිකන් ජනපදවාසීන් කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය මැදිහත්වීම අඩු වශයෙන් පැවැති පාලනයකට හුරු වී සිටීම  


🔶 බ්‍රිතාන්‍ය අනුගමනය කළ තම රටට වාසිදායක ආර්ථික ප්‍රතිපත්තිය 


🔶 ජනපද වාසීන් ගේ සිතුම් පැතුම් හා ආකල්ප බ්‍රිතාන්‍ය පාලකයින් විසින් නිසි ලෙස අවබෝධ කරගෙන නොසිටීම 


🔶 1763 පසුව පැනවූ අණපනත් හා නව බදු වර්ග 


🔶ජනපද වාසීන් ගේ සාධාරණ සටන් මර්දන කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කිරීම 


🔶නිදහස පිළිබඳව ජනපද වැසියන් තුළ ඇති වූ උනන්දුව 

 

 ♦️නිදහස් සටන 

මෙම තත්වය මත බදු පැනවීමේ බලය තිබූ වූයේ ව්‍යවස්ථාදායක සභාවට නිසා එයද විසුරුවා දැමීමට ජනපදවාසීන් සමත් විය 


♦️මෙම මතය ජනපදය පුරා ව්‍යාප්ත වූ අතර එමගින් *නියෝජිතයන් නැත්නම් බදු නැත* යන සටන් පාඨය බිහිවිය  


♦️මෙම බදු වර්ගයට ඇති වූ විරෝධතාවය නිසා මුද්දර පනත අවලංගු කිරීමට බිතාන්‍ය රජය පියවර ගත්හ  


♦️පසුව නව තීරු බදු වර්ග කිහිපයක් අය කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගත්හ 


♦️මෙම තත්ත්වය මත කුපිත වූ ජනපද වාසීන් ජනපද වාසීන් විසින් බොස්ටන් හි නවතා තිබූ නැවක තිබූ තේ පෙට්ටි 342 මුහුදට විසි කළහ , එය *බොස්ටන් තේ සාදය* ලෙස හැදින්වේ 


♦️මෙම තත්ත්වය මත බ්‍රිතාන්‍ය රජය මෙම තත්ත්වය පාලනයට පියවර ගැනුණි 


♦️මහත් කෝපයකට පත් වූ ජනපද වාසීන් පිලඩෙල්පියා නගරයේ දී ප්‍රථම මහත් මහද්වීපික සමුළුව පැවැත්වීමට තීරණය කෙරිණ 


♦️බ්‍රිතාන්‍යයන්ට මුහුණ දීමට සුදුසු සටන් පසුබිම සකසා ගත් ඔවුන් 1776 ජූලි 4 ඇමරිකන් නිදහස් ප්‍රකාශන නිකුත් කරන ලදී 


♦️මෙයට එකඟ නොවූ බ්‍රිතාන්‍යයන් ජනපදිකයන් සමඟ යුද්ධයකට එළැඹිණි 


♦️මුල් සති කිහිපය තුළ බිතාන්‍ය ජයගත්තද පසුව බොහෝ ගත්තද පසුව බොහෝ සටන් බ්‍රිතාන්‍ය අසාර්ථක විය 


♦️මෙම තත්ත්වය මත බ්‍රිතාන්‍ය සටන් පරාජයකට පත් වීම සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධකය නම් *ප්‍රංශය ස්පාඤ්ඤය ඕලන්දයේ බ්‍රිතාන්‍ය විරෝධී පිලට* එකතු වීමත් ය. 


♦️පසුව ජනපදිකයන් මෙහෙයවූ ඇමරිකන් විප්ලවය ජය ජයගැනීමට ජනපදිකයන් සමත් විය👍 


♦️පසුව බ්‍රිතාන්‍යයන් අස්සන් කළ පැරිස් සාම ගිවිසුමෙන් ඇමෙරිකාව ස්වාධීන රටක් ලෙස පිළිගන්නා ලදී 


♦️පසුව 1789 දී ජනපදිකයන් නව ව්‍යවස්ථාවක් සකසා ගන්නා ලදී ,එහි ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් බවට පත්විය.

Post a Comment

Post a Comment