-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

බුද්ධ ධර්මය short notes



Edu.com

Join group 


🔷සම්මාද්ට්ඨිය යනු ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් ඉගැන්වීමකි. සම්මාද්ට්ඨිය යනු නිවැරදි දැක්මයි. වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් යුක්තයි.🔷


🌞දස වස්තුක සම්මාදිට්ඨි


චතුසත්‍ය සම්මාදිට්ඨි


✨දස වස්තුක සම්මාදිට්ඨිසංස්කරණය


🍓අත්ථි දින්නං (දන් දීමෙහි විපාක ඇත)


✨අත්ථි යිට්ඨං (උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත)


🍓අත්ථි හුතං (ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත)


✨අත්ථි සුකට දුක්කට කම්මානං ඵලං විපාකෝ(හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)


🍓අත්ථි අයං ලෝකෝ (පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් ඇත)


🍓අත්ථි පරෝ ලෝකෝ (මෙලොව සිටිනවුන්ට පරලොවක් ඇත)


🍓අත්ථි මාතා (මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)


✨අත්ථි පිතා (පියාට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)


✨අත්ථි සත්තා ඕපපාතිකා (මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත)


✨අත්ථි ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං


🍃අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති (යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත)


🔷චතුසත්‍ය සම්මාදිට්ඨිසංස්කරණය


⭕️දුක්ඛෙ ඤාණං (දුක්ඛ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)


🍀දුක්ඛ සමුදයෙ ඤාණං (දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ දන්නා ඥානය)


⭕️දුක්ඛ නිරොධෙ ඤාණං (දුක්ඛ නිරොධ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)


🍀දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං (දුක්ඛ නිරොධ මාර්‍ග සත්‍ය පිළිබඳ දන්නා ඥානය)



Post a Comment

Post a Comment