♦️ *10 ශ්‍රේණිය විද්‍යාව* ♦️
🔶 *01 පාඩම*
*ජීවයේ රසායනික පදනම*
*Part -01*
♦️♦️ *කාබෝහයිඩ්‍රේට*
කාබෝහයිඩ්‍රේට ප්‍රධාන කොටස් තුනකට බෙදේ
📌 *මොනොසැකරයිඩ* 📌
කාබෝහයිඩ්‍රේට වල තැනුම් ඒකකය මොනොසැකරයිඩයි
▪️ *ග්ලූකෝස්* :-
ජීර්ණයේ අන්ත ඵලය ග්ලූකෝසය
ප්‍රභාසංස්ලේෂණය මගින්ද නිපදවේ
සෙලීය ශ්වසනය මගින් ග්ලූකෝස් බිදහෙලීමෙන් ශක්තිය නිපදවේ
මී පැනි ,හා ඉදුනු පලතුරු වල අඩංගු වේ.
▪️ *පෘක්ටෝස්* -
ඉදුණු පලතුරු,මීපැණි, වට්ටක්කා, කැරට් වල ඇත.
*පළතුරු සීනි ලෙස හැඳින්වේ.
අමු පලතුරු ඉදෙන විට ඒවා තුළ සෑදෙයි.
පැණි රසින් වැඩිම සීනි වර්ගයයි.
▪️ *ගැලැක්ටෝස්* :-
ලැක්ටෝස් ජීරණයේ ඵල වේ
පැණි රසක් නැත
කිරි ආහාර වල අඩංගු වේ
📌 *ඩයිසැකරයිඩ* 📌
මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ සෑදෙයි
මෙහිදී ජල අණුවක් පිට වේ.
ඩයිසැකරයිඩ අණුවකට ජල අනුවක් එකතු කළ විට යළිත් අදාළ මොනසැකරයිඩ ම ලබාගත හැක.
ජලයේ දියවේ.
පැණි රස ස්පඨික වේ.
ඩයිසැකරයිඩ සඳහා උදාහරණ- මෝල්ටෝස්, ලැක්ටොස්, සුක්‍රෝස්
▪️ *මෝල්ටෝස්*
ප්‍රරෝහණය වන බීජවල ඇත.
ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් මෝල්ටෝස් අණුවක් සෑදෙයි.
පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි.
▪️ *ලැක්ටොස්*
කිරි ආහාරවල ඇත.
ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් සමග එකතු වීමෙන් ලැක්ටොස් සෑදෙයි.
ශාක වල නොමැති එකම සීනි වර්ගයයි.
සුක්‍රෝස් මෙන් පැණි රස නැත
▪️ *සුක්‍රෝස්*
පෘක්ටෝස් +ග්ලූකෝස් --->සුක්‍රෝස් +ජලය
*සුදු හා රතු සීනි වල,උක් හා බීට් වල, ඇතැම් පලතුරු වල, ශාකවල ෆ්ලෝයමීය යුෂයේ
📌 *පොලිසැකරයිඩ* 📌
*මොනොසැකරයිඩ අණු රාශියක් බහුඅවයවීකරණය වීමෙන් පොලිසැකරයිඩ සැදේ.
එමෙන්ම පොලිසැකරයිඩ ජලවිච්ඡේදනය වීමෙන් නැවත මොනසැකරයිඩ සෑදේ.
ඇල් ජලයේ දිය නොවේ. ස්ඵටිකරූපී නොවේ.
උදාහරණ-සෙලියුලෝස්, පිෂ්ඨය හා ග්ලයිකෝජන්
▪️ *සෙලියුලෝස්* -
ශාක සෛල බිත්තියේ, ශාක තුල පිහිටි තන්තුවල ඇත.
මිනිස් ජිර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් නොවේ.
* මලබද්ධය වළක්වා ගැනීමට උදව් වේ.
▪️ *පිෂ්ඨය* -
ධාන්‍ය වර්ග, අල වර්ග, කොස්, දෙල් වල ඇත.
ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට වර්ගය පිෂ්ඨයයි.
▪️ *ග්ලයිකොජන්* -
සත්ව අක්මාවේ සහ පේශි වල ඇත.
* සතුන්ගේ සිරුරු තුල කාබෝහයිඩේට් සංචිත කරනු ලබන්නේ ග්ලයිකෝජන් ලෙසයි.
♦️♦️ *කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම*
i.ශක්ති ප්‍රභවයක් ලෙස
ii.සංචිත ආහාරයක් ලෙස
iii.ජීවීන්ගේ සෛල බිත්තිය නිර්මාණය කිරීමට
iv.නියුක්ලෙයික් අම්ල වල සංඝකයක් ලෙස
*"විභාගයට එන අමාරු පාඩම් වල කෙටි සටහන් ගන්න අපිත් එක්ක ඉන්න"*
Post a Comment