-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

බලය ( කෙටි සටහන්)

 බලයක් යනු,

ඇදීමක් හෝ තල්ලු කිරීමකි.

_

 🔥🔥🔥🔥🔥🔥🔥🔥

බලය සතු ලක්ෂණ

⚡️වශාලත්වයක් ඇත.

⚡️දශාවක් ඇත.

⚡️උපයෝගී ලක්ෂයක් ඇත.

(බලය ක්‍රියා කරන ලක්ෂයක්)

_

🔥🔥🔥🔥🔥🔥🔥🔥

  බලයක ආචරණ

( බලයක් යෙදීම මගින් කල හැකි වෙනස්කම්)


1) නිශ්චල වස්තුවක් චලනය කිරීම චලනය වන වස්තුවක් නිශ්චල කිරීම.


2)චලනය වන වස්තුවක වේගය අඩු කිරීම.


3)චලනය වන වස්තුවක වේගය වැඩි කිරීම.


4)චලනය වන වස්තුවක දිශාව වෙනස් කිරීම.


5)වස්තුවක හැඩය වෙනස් කිරීම.

_

🔥🔥🔥🔥🔥🔥🔥🔥

🔖බලය දෛශික රාශියකි.


🔖එනම් බලයට විශාලත්වයක් හා දිශාවක් ඇත.


🔖 බලය මැනීමේ සම්මත ඒකකය නිව්ටන් [N] වේ.


_

🍎🍎🍎🍎🍎🍎🍎🍎

බලය සහ චලිතය පිළිබඳව සර් අයිසැක් නිව්ටන් නමැති සුප්‍රසිද්ධ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නියම තුනකි. ඒවා චලිතය පිළිබඳ නිව්ටන් නියම ලෙස හැඳින්වේ. 


💠 නිවුටන්ගේ   

  පළමුවන නියමය


_

බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේ ම පවතී, චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ.

_


🎋චලනය වෙමින් පවතින වස්තුවකට බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් එම වස්තුවේ ප්‍රවේගය ගැන කිව හැක්කේ කුමක්ද?

     🍃ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ.


🎋චලනය වන වස්තුවකට බාහිර අසමතුලිත බලයක් යෙදෙන විට එම වස්තුවේ ප්‍රවේගයට කුමක් සිදු වේ ද? 🤔🤔

     🍃වස්තුව ත්වරණය වේ.


🎋ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ඒකාකාර ප්‍රවේගය පවත්වා ගැනීමට යොදන බලය අඩු කළහොත් වස්තුවේ ප්‍රවේගය ට කුමක් සිදුවේද?🤔

       🍃 වස්තුව මන්දනය වේ.

    

🎋කැරම් ක්‍රීඩාවෙහි යෙදෙන විට ඩිස්කය ට බලයක් යොදා චලනය කළ ද ටිකක් දුර ගමන් කිරීමෙන් පසු ඩිස්කය නිශ්චල වෙයි, ඊට හේතුව පැහැදිලි කරන්න.

      🍃ඝර්ෂණ බලය ක්‍රියාත්මක වීමයි.


🎋කැරම් ක්‍රීඩාවේ දී කැරම් ලෑල්ලට පුයර දමන්නේ ඇයි?🤔🤔


    🍃පයර දැමූ විට ඝර්ෂණ බලය අඩු වේ.

__💠 නිවුටන්ගේ දෙවන නියමය


_

ඕනෑම වස්තුවක ඇති වන ත්වරණය, එයට  යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝම ව සමානුපාතික වේ. වස්තුවෙි ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.


නිවුටන්ගේ දෙවන නියමය අනුව,

      🔥 K =F/ma 🔥


📌 නිව්ටන් එකක් යනු,

ඒකක ස්කන්ධයකට ඒකක ත්වරණයක් ලබාදීමට අවශ්‍ය බලය.


☝️☝️☝️

ඉහත නිර්වචනයට අනුව,

නියතය = 1

      K = 1

🔥🔥🔥🔥🔥🔥🔥

 එනම් නිවුටන්ගේ දෙවන නියමය,

       F = ma


F = අසමතුලිත බලය

m = ස්කන්ධය

a = ත්වරණය

_

     [ N = Kgms-²]

🎋එක්තරා වස්තුවකට 8N ක බලයක් යෙදූ විට එහි 2ms-² ක ත්වරණයක් හටගන්නේ නම් වස්තුවෙි ස්කන්ධය සොයන්න.

        F= ma

       8N = m×2ms-²

 8N/2ms-² = m

        m = 4kg


🎋5kg ස්කන්ධයට 2ms-²

ත්වරණයක් ලබාදීම සඳහා අවශ්‍ය බලය කොපමණ ද?

       F = ma

       F = 5×2

       F = 10kgms-²


🎋ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන 3kg ස්කන්ධයක් සහිත වස්තුවකට ඒ ගමන් කරන දිශාවට 12N ක බලයක් යෙදීමෙන් එහි හටගන්නා ත්වරණය සොයන්න.

      F = ma

     12 =3×a

   12/3 = a

      a = 4ms-²


🎋15kg ස්කන්ධයක් සහිත වස්තුවක් මත 30N ක බලයක් ක්‍රියා කරන්නේ නම් එම වස්තුවේ ත්වරණය සොයන්න.

     F = ma

    30 = 15 ×a

     a = 30/15

     a = 2ms-²


🎋එක්තරා වස්තුවක ස්කන්ධය 6kg කි. තත්පර 4 ක් තුළ දී එහි ප්‍රවේගය 5ms-¹ සිට 12ms-¹ දක්වා වැඩි වී නම් ඒ සඳහා කවර බලයක් යෙදෙන්නට ඇතිද?

🤔🤔🤔🤔

☝🏼මෙම ගැටළුවේ දී අප හට ත්වරණය එකවර දී නොමැත.🙁🙁

ආරම්භක ප්‍රවේගය, කාලය හා අවසාන ප්‍රවේගය ලබා දීමෙන් අපි ත්වරණය සොයා ගත යුතුයි.


    a =13ms-¹ - 5ms-¹/4s

    a = 8ms-¹/4s

    a = 2ms-²

දැන් වන විට අප ත්වරණය සොයාගෙන ඇත.

    F = 6kg× 2ms-²

    F = 12ms-²



🎋එක්තරා වස්තුවක ස්කන්ධය 2 kg කි. තප්පර තුනක් තුළ දී එහි ප්‍රවේගය 0ms-¹ සිට 12ms-¹ දක්වා වැඩි වී නම් ඒ සඳහා කවර බලයක් යෙදෙන්නට ඇති ද?

🤔🤔🤔🤔


 ත්වරණය සොයමු,

a = 12 -0/3

a = 12/3

a = 4ms-²


ගැටළුව විසඳමු, 😎😎

       F = ma

       F = 2× 4

       F = 8kgms-²



_

   🔥🔥🔥🔥🔥🔥

 💠 නිවුටන්ගේ තුන්වන නියමය


_

සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත.

_


🍁 ක්‍රියාව යනු,

යම් වස්තුවක් මගින් තවත් වස්තුවක් මත යෙදෙන බලයක්.


🍁 ප්‍රතික්‍රියාව යනු,

දෙවන වස්තුව මගින් පළමු වස්තුව මත යෙදෙන බලය.


_


🔥 "අමතර දැණුම"🔥

🤫🤫🤫🤫🤫🤫🤫🤫


1) නිව්ටනය

කිලෝ ග්‍රෑම් 1 ස්කන්ධයට තප්පරේට තත්පරයට මීටර 1 ත්වරණයක් ලබාදීමට අවශ්‍ය බලය නිව්ටනයකි .🍎🍎


2) පවුන්ඩලය

  

     රාත්තල් (lb) 1 ස්කන්ධයට තප්පරේට තත්පරයට අඩි 1 ත්වරණයක් ලබාදීමට අවශ්‍ය බලය ලබා ගැනීම



Post a Comment

Post a Comment