උක්ත අනුක්ත භේදය
🌸 කර්තෘ කාරක, කර්ම කාරක වාක්‍යය තැනීමේ දී ද, වාක්‍යය වල සදොස් තැන් නිදොස් කිරීමේ දී ද උක්ත අනුක්ත භේදය බොහෝ සේ ඉවහල් වේ.
🍀ඕනෑම වාක්‍යයක ප්‍රධානියා උක්ත වන අතර, සෙසුහු අනුක්ත වේ.
🍀උක්ත පද ප්‍රථමා විභක්තියෙන් තබන අතර, අනුක්ත පද තබනුයේ කර්ම විභක්තියෙනි.
🍀 වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් එය *කර්තෘ කාරක* වාක්‍යය නම් වේ.
🍀වාක්‍යයක කර්මය උක්ත වේ නම් එය *කර්ම කාරක* වාක්‍යය කි.
❄️ *සිංහල භාෂාවේ උක්ත පද අනුක්ත කරන ක්‍රම කිහිපයකි.*🌟
💠ඇතැම් පද වලට නියත වශයෙන් ම වෙන ම අනුක්ත පදයක් ඇත.💠
🔷මම 👉 මා
🔹අපි 👉 අප
🔷තෝ/තී 👉 තා
🔹තොපි 👉 තොප
💠ඒක වචන පදයක් අනුක්ත කිරීමේ දී වෙනසක් සිදු නොවේ.💠
🔶 අම්මා 👉 අම්මා
🔸අලියා 👉 අලියා
🔶පොත 👉 පොත
🔸ගම 👉 ගම
💠අප්‍රාණ වාචී බහුවචන පදයක් අනුක්ත කිරීමේ දී ද වෙනසක් සිදු නොවේ.💠
🔷ගස් 👉 ගස්
🔹ගම් 👉 ගම්
🔷පොත් 👉 පොත්
🔹මැදුරු 👉 මැදුරු
🔷අකුරු 👉 අකුරු
💠අප්‍රාණ වාචී බහුවචන පදයක් ද *"ඕ / හු "* අක්ෂරයන්ගෙන් අවසන් වේ නම් අනුක්ත වීමේ දී *"න්"* අක්ෂරයෙන් අවසන් වේ.💠
🔶ගංගාවෝ 👉 ගංගාවන්
🔸රක්ෂයෝ 👉 රක්ෂයන්
🔶නදීහු 👉 නදීන්
🔸පයුම්හු 👉 පයුමන්
💠පරාණ වාචී බහුවචන පදයක් අනුක්ත කිරීමේ *"න්"* අක්ෂරයෙන් අවසන් වේ.💠
🔷ළමයි 👉 ළමයින්
🔹මව් වරු 👉 මව් වරුන්
🔷ඔවුහු 👉 ඔවුන්
🔹රජහු 👉 රජුන්
🔷කාන්තාවෝ 👉 කාන්තාවන්
🔹බල්ලෝ 👉 බල්ලන්
🔷කරුල්ලෝ 👉 කරුල්ලන්
💠පරාණ වාචී ඒක වචන පදයක් ගෞරවාර්ථ බහු වචන ස්වරූපයෙන් ඇත් නම්, එය ද *"න්"* අක්ෂරයෙන් අවසන් කොට අනුක්ත කර ගත හැකි වේ.💠
🔶බදු රජාණෝ 👉 බදුරදුන්
🔸හමිපාණෝ 👉 හමිපාණන්
🔶මෑණියෝ 👉 මෑණියන්
🔸ගරුතුමාණෝ 👉 ගරුතුමන්
💠අනියමාර්ථ පුරුෂ ලිංග පදයක් අනුක්ත කිරීමේ දී *" කු "* අක්ෂරයෙන් අවසන් වේ.💠
🔷ළමයෙක් 👉 ළමයෙකු
🔹මනිසෙක් 👉 මනිසෙකු
🔷සතෙක් 👉 සතෙකු
🔹යකෙක් 👉 යකෙකු
🔷එකෙක් 👉 එකෙකු
🔹බල්ලෙක් 👉 බල්ලෙකු
💠අනියමාර්ථ ස්ත්‍රී ලිංග පදයක් අනුක්ත කිරීමේ දී *" ක "* අක්ෂරයෙන් අවසන් වේ.💠
🔶ගැහැණියක් 👉 ගැහැණියක
🔸දැරියක් 👉 දැරියක
🔶මැහැල්ලක් 👉 මැහැල්ලක
🔸හෙදියක් 👉 හෙදියක
🔶බැල්ලියක් 👉 බැල්ලියක
🔸සෙබඩක් 👉 සෙබඩක
💠අනියමාර්ථ අප්‍රාණ වාචී පද අනුක්ත කිරීමේ දී ද වෙනසක් සිදු නොවේ.💠
🔷පොතක් 👉 පොතක්
🔹ගසක් 👉 ගසක්
🔷ගෙයක් 👉 ගෙයක්
🔹වාහනයක් 👉 වාහනයක්... ..
Post a Comment