☑️1818 නිදහස් සටන යනු කුමක්ද?
බ්‍රිතාන්‍යය පාලනයට එරෙහිව උඩරට ප්‍රදේශ වල පැවති ආයුධ සන්නද්ධව නැගී සිටීම 1818 නිදහස් සටන ලෙස හැදින්වේ.
☑️1818 නිදහස් සටනට හේතු 1. රට වැසියන්ට නිදහස අහිමි වීම සහ රජෙකු නැති වීම පිළිබඳව පසුතැවිල්ල
2.ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳව ගැටලු මතු වීම
3.උඩරට ප්‍රභූ පන්තියට පහර වැදීම
☑️සටනේ ස්වභාවය
✔️සිංහාසනයට උරුමයක් ඇතැයි පවසමින් දොරේසාමි නැමැති පුද්ගලයෙක් රාජ්‍ය උරුමය ලබා ගැනීමට පිරිස එක්රැස් කිරීම
✔️ඒ පිළිබඳව ආරංචි වුණු බදුල්ල ඒජන්ත ඩග්ලස් විල්සන් දොරේසාමිව අත්අඩංගුවට ගැනීමට හජ්ජි මරික්කාර් ඇතුලු පිරිසක් යැවූ අතර හජ්ජි මරික්කාර් සටන්කරුවන් අතින් මරණයට පත් වීම
✔️ඉන් අනතුරුව ඩග්ලස් විල්සන්ද දොරේසාමි ව අත් අඩංගුවට ගැනීමට පිටත් වූ අතර ඔහුද සටන්කරුවන් අතින් මරණයට පත් වීම
✔️වෙල්ලස්ස ප්‍රදේශයේ ජනතාව දොරේසාමි වටා එක් රැස් වීම නිසා ඉංග්‍රීසින් තත්ත්වය පාලනය කිරීමට ඌව දිසාව භාර කැප්පෙටිපොළ වෙල්ලස්ස ප්‍රදේශට පිටත් කිරීම
✔️කැප්පෙටිපොල තමා සමග සිටි ඉංග්‍රීසි හමුදාව ආපහු යවා සටන්කාමීන්ට එකතු විය.
✔️කැප්පෙටිපොල සටන මෙහෙය වීමට ඉදිරිපත් වීමත් සමග උඩරට රදලවරු බොහොමයක් සටනට එකතු විය.
✔️ප්‍රධාන පෙළ රදලයන් වන මොල්ලිගොඩ දිසාව සහ එක්නැලිගොඩ සටනට එකතු නොවූ රදලයන් ලෙස හැදින්විය හැක.
✔️කැප්පෙටිපොලගේ මෙහෙයවීම මත සටන්කාමීන් විසින් දොරේසාමි උඩරට රජු ලෙස ප්‍රකාශයට පත් කරන ලදි
✔️කැප්පෙටිපොල නව මහාදිකාරම් තනතුරට පත් කෙරුණි.
☑️ඉංග්‍රීසීන් සටන මර්දනය කිරීමට ගත් ක්‍රියා කලාපය
ඉංග්‍රීසින් විසින් මෙහිදී බිම් පාලු ප්‍රතිපත්තිය ලෙස හැදින්වූ දරුණු ප්‍රතිපත්තියක් සටන මර්දනය කිරීමට යොදා ගන්නා ලදි.එහිදී ගම්බිම් ගිනිතැබීම,රට වැසියන්ගේ සම්පත් විනාශ කිරීම,හැකි තරම් පිරිසක් අත් අඩංගුවට ගෙන දඩුවම් නියම කිරීම දැකිය හැකි විය.
දොරේසාමිට රාජ්‍ය උරුමයක් නැතිබව හෙලි වූ අතර ඉංග්‍රීසින් එය ප්‍රචාරය කර කැප්පෙටිපොළ හා මඩුගල්ලේ දෙදෙනාට මරණ දඩුවම නියම කරන ලදී.
කෙසේ නමුත් 1818 නිදහස් සටන අසාර්ථක විය.
තවත් පැහැදිලිව මේ ගැන අද්‍යනය කිරීමට පහත වීඩියෝව නරඹන්න.
Post a Comment