-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

දඹදෙණි යුගය

 

…………………………………

……………………………………


✥🇱🇰 *ලක්‌දිව රාජධානි නිරතදිගට සංක්‍රමණය සිදුවීම පොළොන්නරු යුගයේ පරිහානියත් සමඟ සිදු වූ සුවිශේෂී අවස්‌ථාවකි. එලෙස නිරිතදිගට රාජධානි සංක්‍රමණය වීමත් සමඟ ආරම්භ වූ මුල්ම රාජධානිය දඹදෙණි රාජධානියයි. මේ පාලන අවධිය තුළදී විදේශීය බලපෑම් එනම් ඉන්දියානු ආක්‍රමණ තදින්ම එල්ල වූ යුගයක්‌ වශයෙන් සලකනු ලබයි. චන්ද්‍රභානු නමැති ජාවක පාලකයාගේ ආක්‍රමණයන් ඒ අතරින් ප්‍රමුඛස්‌ථානයක්‌ ගනු ලැබේ. කෙසේ වෙතත් එවැනි බලපෑම් එල්ල වුවද මේ යුගය තුළින් ද කලා අංගයක්‌ වශයෙන් නර්තන කලාව පැවැති බවට තොරතුරු හමුවී තිබේ.*


✥🇱🇰 *දඹදෙණි පුවත පිළිබඳව විස්‌තර කරමින් රචනා කරනු ලැබූ "දඹදෙණි අස්‌නේ" උගත් කලාවක්‌ දැක්‌වෙන තැත භාරත යෑයි පෙන්වා දී ඇත. භාරත යන ප්‍රචලිත නර්තන කලාව දක්‍ෂිණ භාරතයේ ප්‍රචලිතව පැවැති ප්‍රධාන නර්තන ශෛලිය වූ අතර එම නර්තන සම්ප්‍රදායේ ආභාෂය මෙම කාල වකවානුව තුළදී බලපවත්වා තිබූ බව පැහැදිලි වේ. එපමණක්‌ නොව මේ යුගයේ රාජ්‍ය පාලනය ගෙනයනු ලැබූ පාලකයන් තමන්ගේ නෘත්‍ය මණ්‌ඩලයන් සඳහාත්, විහාරස්‌ථානයන් ආශ්‍රිතව සිදුකරනු ලැබූ ආගමික උත්සවයන් සඳහා නටන, ගයන (නළු නිළියන් හා වාදකයන්) පිරිස්‌ ගෙන්වා ගන ලැබුයේ භාරතයෙන් බව පෙන්වා දී තිබේ. තවද මේ යුගය තුළ පැවැති වැදගත් ආගමික උත්සවයක්‌ වූ දළදා පූජෝත්සවයට අවශ්‍ය වූ නර්තන හා ගායන කණ්‌ඩායම් ඉන්දියාවෙන් ගෙන්වා ගෙන ඇති බව සඳහන් වී ඇත. එපමණක්‌ නොව දඹදෙණි අස්‌න මගින් එකල යොදාගනු ලැබූ තූර්යවාද්‍ය භාණ්‌ඩ ලේඛනයක්‌ පිළිබඳ තොරතුරු ඉතා උසස්‌ අන්දමින් දක්‌වනු ලබයි. එනම් එහි සඳහන් වන පරිදි "තවද නිසාත, තම්මැට, දවුල්, ලෝහ දවුල්, තප්පු, තාලම්පට, ජින දවුල්...." යනාදී වශයෙන් වාද්‍ය භාණ්‌ඩ විශාල සංඛ්‍යාවක්‌ නාමයන් සඳහන් ලේඛනයක්‌ ඇතුළත්ව තිබේ. මේ තුළින් පැහැදිලිව පෙනී යනුයේ වර්තමානය තුළ විද්‍යමාන නොවන වාද්‍ය භාණ්‌ඩ බොහොමයක්‌ පුරාතනයේ ලංකා සමාජයෙහි භාවිතයට යොදාගෙන ඇති බවයි. එලෙස යොදාගනු ලැබූ වාද්‍ය භාණ්‌ඩ අතත, විතත, විතතාත, ඝණය, සුසිරය යනුවෙන් සඳහන් වන පසතුරු නාදයන්ට අනුකූලව සෑදුනු බව මෙතුළින් විද්‍යමාන වී පෙනේ.*


✥🇱🇰 *13 වන 14 වන සියවස්‌ තුළට අයත්ව ලියෑවුණු බොහෝමයක්‌ ග්‍රන්ථයන්ගේ නර්තන විෂයට අදාළ වන්නා වූ තූර්යවාද්‍ය භාණ්‌ඩ බොහෝ ප්‍රමාණයක්‌ තිබූ බව පෙන්වා දී තිබේ. වර්තමාන කාලපරිච්ඡේදය තුළදී පවා දක්‌නට ලැබෙන අතීතයේ පටන් පැවත එන භාරතයේ නර්තනය හා බැඳී පැවැති වාදනයන් සඳහා යොදාගනු ලබන මෘදංග හා මද්දල පිළිබඳ මහාවංශයේ ද නාමිකව දක්‌වා ඇත. එපමණක්‌ නොව දඹදෙණි හා කුරුණෑගල යුගයන් තුළදී රචනා කරනු ලැබූ ථූපවංශය හා දළදා සිරිත යන සාහිත්‍ය*


*නර්තන*

…………………


✥🇱🇰 *ග්‍රන්ථයන්හි තූර්යවාද්‍ය භාණ්‌ඩ පිළිබඳව කරුණු දක්‌වා තිබේ. එහිදී ථූපවංශයේ දැක්‌වෙන සඳහන අනුව "ගැටබෙර, පනාබෙර, එකැස්‌ පෙර, මිහිඟු බෙර, උඩැක්‌කි, ඩැක්‌කි තම්මැට, මද්දල...." යනුවෙන් වාද්‍ය භාණ්‌ඩ බොහෝ ප්‍රමාණයක්‌ නාමිකව පෙන්වා දී ඇත.*


✥🇱🇰 *මේ අයුරින් කරුණු විග්‍රහ කර බැලීමේදී දඹදෙණිය රාජ්‍ය කාලය තුළදී විදේශීය සම්භවයකින් යුක්‌ත එනම් ඉන්දීය ආභාෂය තුළින් ගොඩනැඟුණු නර්තන වින්‍යාසයක්‌ ශ්‍රී ලංකාවේ පැවැති බවත් වාද්‍ය භාණ්‌ඩ හා වාදනයට මූලිකත්වයක්‌ ලැබුණු බවත් හමුවන තොරතුරු අනුව පැහැදිලි වේ*



Post a Comment

Post a Comment