-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

අගුල්මල් දමනය

 සිංහල සාහිත්‍ය සංග්‍රහය

______________________________________


______________________________________


 _අහිංසක දරුණු මිනීමරුවෙකු වූයේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න._ 



උපතේදී කිසිවෙකු අපරාධකරුවෙකු නොවන අතර වයසින් මුහුකුරායාමත් සමග පවතින සමාජීය, සංස්කෘතික පසුබිම තුල කෙබන්දෙක්වේද යන්න තීරණය වේ. එහිදී ලබන අද්දැකීම් හා අධ්‍යාපනික අවබෝධය මේ සදහා ඉවහල් වේ.පොලොන්නරු යුගයේදී ගුරුළුගෝමී පඩිවරයා විසින් සම්පාදිත අමාවතුරේ එන නිර්දේශිත කතා පුවතේ එන අහිංසක ද එබන්දෙකි.



අංහිසක උප්පත්තියෙන් කොසොල් රට පසේනදි කොසොල් රජු ගේ භර්ග නම් ප්‍රධාන පුරෝහිතයා ගේ ද මන්තානි නම් වූ බැමිණිය ගේ ද පුත්‍රයා විය. ඉපදෙන විටම රජු ගේ මගුල් කඩුව හා නුවර අනෙකුත් අවි ආයුධ ද දිලිසුණු බව කතුවරයා දක්වන අතර එය රජුට විස්තර කර සිටින් පුරෝහිත බමුණා, '  උහු ගෙ ආනුභාවයෙන්  තොප ගෙ මතු නො වෙයි, සියලු නුවර ආයුධ දිලිණැ"යි' . පවසයි. රජු කෙබන්දෙකු වේදැයි ප්‍රශ්න කල විට පීතෲත්වය ද කැටි වූ පුරෝහිත බමුණා 'සොරෙක්වේ යැයි'. මහරජ යනුවෙන් පවසා එක් සොරෙක් මේසා විශාල රාජ්‍යකට කුමක් කරන්න ද යන්න හගවා ,කිසිවෙකුට හිංසා නොකරන යන අර්ථය පෙරදැරිව අහිංසක නම් තබන ලද බව සැල කර සිටී. මෙහිදී ගම්‍යවන ප්‍රධානතම කරුණ නම් අංහිසක උපතේදීම අපරාධකරුවෙකු වන බව දැන ඉන් මුදවා ගැනීමට නම් තැබීමේ පටන් කල පිය බමුණාගේ ක්‍රියා කලාපය යි. ගැටළුව මතුවන්නේ නිසි කල වයසට ආ කල දිසාපාමොක් ඇදුරු වෙත ධර්මාන්තේවාසිකව ශිල්ප ඉගෙනීමේ දීය.


ඔහු " අහිංසක මාණවකයා  ආ තැන් පටන් ගෙනැ ඇපි නො පෙනෙම්හ. උහු කිසෙ බිදුවම්හ!"


තක්සලා නුවර දිසාපාමොක් ඇදුරු සමීපයේ ඉතා ශික්ෂාකාමීව නියමකරන ලද සියලු කර්තව්‍යන් නිසි ලෙසම ඉටු කරන අහිංසක කෙරෙහි තම සමකාලීන මිතුරු ප්‍රජාව විසින් සංවිධානාත්මකව තම ගුරුවරයා හා අහිංසක අතර බිදවීමක් කිරීමට තරම් ඊර්ෂ්‍යා සහගත මැදිහත්වීමක් සිදුකරනු ලබන්නේ ඇයි දැයි විමසිය යුත්තකි.අහිංසක නුවැණැති හෙයින් අනුවණැයි කිව නොහැක.නිසි ලෙස වත් සම්පූර්ණ කරන බැවින් එයද අසම්පූර්ණ යැයි කිව නොහැක. ජන්මය සුදුසු ලෙස සිදුව ඇති බැවින් අජන්මවතැයි ද කිව නොහැක. මෙලෙසින් අංහිසක පිළිබද භාහිර සමාජ කරුණක් ලෙස අසහනය කැටි වූ මිනිස් දුර්වලතාවයන් ගේ උච්චතම බව ගොඩ නැගෙන්නේ තවත් අහිංසක ලෙසම ශිල්ප හදාරණවුන්ගෙනි.එහි තීව්‍ර බව වඩා වැඩි කරවමින් චිත්‍රරූප නංවන භාෂාවකින් අංහිසක ගේ මනෝභාවය බිදලන කුමන්ත්‍රණ කාරී තත්වය ගොඩ නංවන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ දුර්වලම මනෝභාවික හැගීමක් දිසාපාමොක් ඇදුරු හරහා මතුකරගැන්මට සූක්ෂම සැළැස්මක් භාවිතා කරගනිමින්ය.


"ආචාර්යයා අඹුව හා සසග ඇත්තෙ යැ'යි බිදැ- පියම්හ"


භර්ග පුරෝහිත බමුණා අනාගතය දත් පරිදිම  අංහිසක අනාගතය අයහපත් ලෙස ගොඩනැංවෙමින් තිබෙන්නේ භාහිර සමාජීය තත්වයක් මුල් කොටගෙනය.  අංහිසක කෙරෙහි බාහිර සමාජයේ  ඇති නුරුස්සනා සංස්කෘතික මනෝභාවික ලක්ෂණයන්ගේ ප්‍රතිපල සූක්ෂමව අංහිසක අපරාධකරුවෙකු දක්වා පරිවර්තනය කිරීමට සුදුසු පරිසරයක් බවට පත්වූ ආකාරය මෙම කතා වස්තුවේ දක්වා තිබේ. තක්සලාවේ අනෙක් සිසින් දිසාපාමොක් ඇදුරු වෙත පැමිණෙන්නේ ද සූක්ෂමව ය.කණ්ඩායම් තුනකට බෙදී එකම පාර්ශව, පාර්ශව තුනක් සේ පැමිණ ගුරුවරයාට වරදක් වන බව පවසන්නේ අප අවිශ්වාසනම් ඔබම පිරික්සා බලන ලෙස සදහන් කරමිනි. ඉන් නොනැවැතුනු ඔව්හූ ආචාර්ය වරයාගේ බිරිද හා කතා කරන අහිංසක අතටම අල්ලා දෙනු ලබන්නේ ආචාර්ය වරයාගේ මනස තුල සැකය හා වෛරය ඇතුලත් කරමින් ය. මවකගේ හා පුතෙකුගේ සෙනෙහස වරදවා වටහා ගත් දිසාපාමොක් සූක්ෂමව තක්සලාවෙහි දීම අහිංසකව මරා දැමිය හැකි මුත් එය තක්සලාවේ අනාගතයට නුසුදුසු බැවින්  වෙනත් දරුණු වූ විකල්ප මාර්ගයක් හරහා දරුණු අපරාධකරුවෙකුගේ දිශාන්තියට අහිංසක සේන්දුකරවයි.


"පුතැ , මිනිස් දහසක් මැරුව මැනැවැ. එ සෙ වන්නා ශිල්පයට උපචාර කළා වේ" යි කීයැ.


"ඇපි අන්නන්ට හිංසා නොකරන කුලෙහි උපන්නම්හ. එ සෙ නොකොට හැක්කැ'යි කී යෑ."


" ශිල්පයට උපචාර නොකරන්නා ඵල නො දෙයි, පුතැ"යි කී යැ.


 තමා තුළ ඇති අසීමාන්තික වෛරය හා පළිගැනීමේ අවශ්‍යතාව සන්සිදුවාලීමට උත්සුක දිසාපාමොක් අහිංසක ලවා මිනිසුන් දහසක් ඝාතනය කරන්නට අණ කරන්නේ තමා පිදූ ශිල්පයට උපචාර කිරීම පෙරටු කරගෙනයි.අන් අයට පීඩා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක්,සිතුවිල්ලක් නොමැති අහිංසක හට තමා උපන් කුලයද ඊට මනා පිටුවහලක් විය.නමුදු ගුරුවරයා පිළිබඳ උපන්නා වූ අසීමිත භක්තිය හා විශ්වාසය නොදැනුවත්වම අහිංසක ව එම අපරාධී ක්‍රියාවට පොළඹවයි.අහිංසක පසුව එම අමානුෂීය, අපරාධී ක්‍රියවෙන් කොතරම් ආශ්වාදිත ද, පරීපූර්ණ ද නම් ඔහු අවසානයේ අංගුලිමාල නමින් පරිවර්තනය විය.එමෙන්ම කෙසේ හෝ තම ඉලක්කය සපුරා ගැනීමට තරම් ඔහුගේ මනෝභාවයන් විකෘති වී ඇත. "එකකු විසින් දහස සපිරේ යි යන සිත් ඇති වැ 'යමක්හු පළමු දිටිම් ද, ඔහු මරා ගණන් සපුරමි' ශිල්පයට උපචාර කොටැ දැළි කප්වා නහා පිළි පෙරළා මව්පියන් දක්මි" යන කියමන ඔස්සේ එය වඩාත් හොදින් ඉස්මතු වේ.තම ඉලක්කය සපුරාගැනීමට තම දෙමව්පියන් පවා ඝාතනය කිරීමට තරම් ඔහුගේ මනෝභාවයන් ප්‍රචණ්ඩ විය.තම ගුරුවරයා පිළිබද තිබෙන්නාවු අසීමිත භක්තිය සහ යටහත් බව දෙමව්පියන් හා තම ප්‍රතිපත්ති,තමාගේ ආකල්ප පවා අභිබවා යාමට සමත් විය.

 

ඉහත උදාහරණ සලකා බැලූ විට අහිංසක හා සමකාලීන සමාජය අපරාධකරුවන් වීමට පොදු සාමාජීය තත්වයන් හා මනෝභාවික ගැටලු පධාන වශයෙන් බලපාන බව මනාව ගම්‍ය මාන වේ.


🎓එකතු වන්න අපගේ සමූහ ජාල සමඟ 🎓


📘මෙම සමූහ ඔස්සේ අපගෙ Website එකට එකතු වන නව දත්ත සහ නවතම තාක්ෂණික අංග සහ zoom free classe link , Pdf file ආදී සේවාවන් Whatsapp සමූහ ඔස්සේ ලබා ගත හැකිය.

📘Telegram  සමූහ ඔස්සේ ඔබට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සියළුම අධ්‍යාපන පහසුකම් සැපයීම pdf ලෙස video  ලෙස සහ website එක තුළට එකතුවන නවතම දත්ත සහ EDU.COM APP පිළිබඳව සේවා සැපයෙ.

Post a Comment

Post a Comment