-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

අංගුලිමාල දමනය

 සිංහල සාහිත්‍ය සංග්‍රහය 

______________________________________


____________________________________________________________________________


02. _අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතය අඩාල කරන ආකාරය අංගුලිමාල දමනය ඇසුරෙන් සාකච්ඡා කරන්න._ 

====================



(01.) ප්‍රවේශ ජේදය

================== 


පොළොන්නරු සාහිත්‍ය යුගයේ ගුරුළුගෝමී පඩිවරයා විසින් රචිත 'අමාවතුර' නම් වූ මාහැඟි බණ කතා සංග්‍රහයේ සත්වන පරිච්ඡේදය අංගුලිමාල දමනය ලෙසින් නිර්දේශිතව ඇත. ඊර්ෂ්‍යා සහගත ශිෂ්‍යයන්ගේ ප්‍රයෝගයට හසු වී අහිංසක දරුණු මිනීමරුවෙක් දක්වා පරිවර්තනය වන්නේ සමකාලීන සමාජීය මිනිස් දුර්වලතාවයන් ගේ ප්‍රතිපලයක් ලෙසය. 


අවස්තානුකූල උචිතවත් භාෂා භාවිතාව වර්ණනාවන් කැටිව බුද්ධි ගෝචර ලෙස ගෙන එන්නට ගුරුළුගෝමී පඩිවරයා සතු හැකියාව වඩා තීව්‍ර ලෙස ගෙන එන්නේ අහිංසක ,අංගුලිමාල වී මුළු මහත් සමාජයම බියෙන් මුසපත් කරමින් මහත්වූ ව්‍යසනකාරී තත්වයකට පිවිසීම ගෙන හැර දක්වා ඇති අයුරින්ය. 


" හේ හැම ආරණ්‍යයෙහි හසර නැති කෙළෙ.දර පලා සදහා වල් යන්නාහු නැති.රෑ ගමට වැද පයින් පැහැර දොර ගලවා පියා එහි හොතුවන් මරා පියා එකෙකැ දෙකකැ ගැණැගෙන යෙයි "


අංගුලිමාලගේ මෙම දරුණු ක්‍රියා බොහෝ ප්‍රදේශ හුදෙකලා කිරීමට සමත් විය.එමෙන් ම ජනයාගේ දෛනික ක්‍රියා සියල්ලම අඩාල වූ බව වඩාත් හොදින් ඉස්මතු වන්නේ "දර පලා සදහා වල් යන්නාහූ නැති" යන කියමන ඔස්සේයි.සෑම ආරණ්‍යයකම එකදු මිනිසෙක් දක්නට නොමැති තරම් පාළු විය.අංගුලිමාල රාත්‍රියේ ගම් වැදී පයින් ගසා දොරවල් බිද නිදා සිටි අංහිසක මිනිස්සුන් මරා දැමූ අතර මිනිස්සුන්ගේ මරණ බිය වඩ වඩාත් දියුණු විය.ඔවුන්ගේ ජිවීතයම අඩාල විය.අංගුලිමාලගේ බලවත් බව හා ප්‍රචණ්ඩ බව සමස්ත මිනිස් සමූහයටම වඩා ප්‍රබල වීමත් සමග ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ හැකියාව කෙමෙන් ශුන්‍ය විය.


"ඒ කල්හි ගම්වැසියෝ ගම් පියා ගොස් නියම්ගම් වන්හා.නියම්ගම් වැසියෝ නුවර වන්හු.තුන් යෝජනාවක් තන්හි මිනිස්හු ගෙ පියා දරුවන් අතැ ගෙනැ ගොස් සැවැත් නුවර වටා කදවුරු බැදැ රාජාඪගණයේහි රැස් වැ "මහරජ,තා ගෙ රට අංගුලිමාල නම් සොරෙක් වියැ' කියා වැලපෙති"

__

අංගුලිමාලගේ මෙම අමානුෂීක ක්‍රියා හෙතුවෙන් පීඩාවට පත් ජනයා අවසානයේ තම නිවාස, ගම්මාන අතහැර යාමට පවා උත්සුක විය.ගුරුවරයාගේ පිළිගැනීමේ චේතනාව සන්සිදුවාගැනීමට අහිංසකට කරන්නාවු නියෝගය සමස්ත සමාජයටම බලපෑ අතර එය ගම පුරා,රට පුරා පැතිර යන ඛේදනීය තත්ත්වක් විය.සමස්ත ස්මාජයටම මරණ බිය ජනිත වන මොහොතක අනෙකුත් සියලු ක්‍රියා පසෙකලා ඔවුන් උත්සුක වන්නේ තමාගේ සහ තම අඹු දරුවන්ගේ ජීවිත කෙසේ හෝ බේරා ගැනීමටයි.තම නිවාස වලින් මිදී කදවුරු බැද ඉතා දුෂ්කර හා අවිනිශ්චිත ජන ජීවිතයක් ඔවුන් හට ගත කිරීමට සිදු වන්නේ අංගුලිමාලගේ මෙම සහාසික ක්‍රියා හෙතුවෙනි.මේ බව දත් බුදුරදුන් නිසි කලට පුරිස ධම්ම සාරථි ගුණය පෙරදැරිව වනයට පිවිසෙන්නේ ගම්වැසියන්ගේ ලොමු දැහැහැන්වෙන සුළු ප්‍රකාශ හොදින් සවන් දෙමින් අංගුලිමාල සොරහු අංගුලිමාල මහරහතන් වහන්සේ දක්වා පරිවර්තනය කළ හැකි බව දැකීමෙනි.


"මහණ,එ මග නො යා.එ මගැ අගුල්මල් නම් සොරෙකැ,දරුණු ලෙහෙ මුඩු ඇත්තේ යැ.සතුන් කෙරෙහි කුළුණු නැත්තේ යැ.ගම් නොගම් කෙළෙ,නියම් ගම් නොනියම් ගම් කෙළේ,දනවු නොදනවු කෙළේ මිනිසුන් මරා මරා ඇගිළි විදැ මලා කොට දරයි.මහණ,තෙල මගට පුරුෂයො දස දෙන දු විසි තිස් සතලිස් පනස් දෙන දු සැක ඇති වැ සන්නද්ධ වැ වග වග වැ යෙති.ඔහු දු අගුල්මල් සොරහු අතැ නස්ති" කීහ."


අංගුලිමාලගේ සහසික ක්‍රියාවල ප්‍රබලත්වය ඉහත පාඨය ඔස්සේ මනාව ගම්‍ය මාන වේ.ලේ තැවරුණු අත් සහිත, මිනිසුන් කෙරේ කරුණා නැති ගම් විනාශ කළ,ජන පද මිනිස් වාසයෙන් තොර කළ අයෙක් ලෙස අංගුලිමාලගේ ච‍රිත ස්වභාවයන් හා මනෝභාවයන් ප්‍රකටය.මිනිස්සුන්ගේ ජිවිත දහස් ගණනක් බිලි ගත් ඔහු මනුෂ්‍යත්වයේ අන්තයටම පිරිහුණු අයෙක් විය.අංගුලිමාලගේ මෙම අපරාධී ක්‍රියා හෙතුවෙන් බියපත් අහිංසක ජනයාගේ දෛනික කටයුතු,සමස්ත ජන ජිවීතයම අඩාල විය.ඔවුන්ගේ ජීවිතය මරණ බයෙන් වැසී ගිය අවිනිශ්චිත එකක් විය.මේ සියල්ලටම අංගුලිමාලගේ අමානුෂීය ක්‍රියා හේතු විය.එය එසේ වූවද බුදුරදුන් ඉදිරියේ දමනය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ නමක් වී බුද්ධ පුත්‍රයකු වූවද අංගුලිමාල අපරාධකරුවකුව සිටි කල ඇති කළ භීෂණය පහව නොගිය බව පහත උදාහරණයන්ගෙන් පසක් වේ.


"බුදුහු දකුණත නගා,"මහරජ,මෙ අගුල්මල්"යි වදාළහැ.එ සද කොසොල් රප බිය පත් වැ කඩු පලග දමා පියා එ එ දසායෙහි හී පලා නුවර වැදැ දොර පියා ලා අගුළු ගෙනැ අටල්ලට නැගී බලමින් සිටියාහූ"


අංගුලිමාලගේ රුදුරු අතීතය ඔහුගේ වර්තමානයට මෙන්ම අනාගතයටද ප්‍රබල පහරක් විය. අංගුලිමාලගේ සහාසිකත්වයේ,කෲරත්වයේ  ප්‍රබලත්වය කොතෙක්ද යත් පසු කාලීනව එම අමානුෂීකත්වයෙන් මිදී යහපත්  වුවද ජනයා තුළ අංගුලිමාල පිළිබද තිබෙන්නා වූ අපරාධී හැගිම පහව නොගිය අතර ඔවුගේ මනෝභාවයන් තවතමත් අංගුලිමාල මහරහතන් හා මනුෂීය වීමට තරම් පරිපූර්ණ එකක් නොවීය.


මේ අනුව සමාජය විසින් ඇතිකරන ලද තත්වයක් මත අංහිසක අංගුලිමාල වී මහරහත් වහන්සේ නමක් වූද එම සමාජය තුලම අංගුලිමාල කෙරෙහි ඇතිවූ අපරාධකාරී මානසිකත්වය එලෙසම පැවති ආකාරය මෙම කතාපුවතේ ඉහත නිදර්සහනයන්ගෙන් පැහැදිලි වේ.


🎓එකතු වන්න අපගේ සමූහ ජාල සමඟ 🎓



📘මෙම සමූහ ඔස්සේ අපගෙ Website එකට එකතු වන නව දත්ත සහ නවතම තාක්ෂණික අංග සහ zoom free classe link , Pdf file ආදී සේවාවන් Whatsapp සමූහ ඔස්සේ ලබා ගත හැකිය.


📘Telegram  සමූහ ඔස්සේ ඔබට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සියළුම අධ්‍යාපන පහසුකම් සැපයීම pdf ලෙස video  ලෙස සහ website එක තුළට එකතුවන නවතම දත්ත සහ EDU.COM APP පිළිබඳව සේවා සැපයෙ.

view group

Post a Comment

Post a Comment