-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ඉතිහාසය ප්‍රශ්න කිහිපයක්

  

Edu.com

පොළොන්නරු යුගය බිඳ වැටීමට තුඩු දුන් ප්‍රධාන හේතු මොනවා ද ?


දර්වල පාලකයන් බලයට පත් වීම.


කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතරබල අරගලය.


ආර්ථික පරිහානිය.


කාලිංග මාඝගේ ආක්‍රමණය.




කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් සිදු වූ විනාශය කොපමණ ද ?


ජනතාවගේ ධනය පැහැර ගැනීම.


බෞද්ධ විහාරාරාම කොල්ල කෑම.


ප්‍රතිමා හා චෛත්‍ය විනාශ කිරීම.


දරුවන්ව තලා පෙලා දැමීම.




පොළොන්නරුව රාජධානිය ආර්ථික පරිහානියට පත් වූයේ කෙසේ ද ?


බලයට පත් දුර්වල පාලකයන් වැව් අමුණු පද්ධති නඩත්තු නොකිරීමත් සමඟ කෘෂිකාර්මික පරිහානියත්, වෙළඳාම අඩපණ වීමත් සිදුවිය.


පොළොන්නරුව ජන ශූන්‍ය වූයේ ඇයි?


කාලිංග මාඝගේ ආක්‍රමණය නිසා පීඩාවට පත් භික්ෂූන් වහන්සේලා ඇතුළු මහජනතාව ආරක්ෂාව පිණිස රුහුණට, මලය රටට හෝ මායා රටට සංක්‍රමණය වූහ. දහස් ගණන් ජනතාව දිනපතා වන්දනාමාන කළ රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය වැනි සිද්ධස්ථාන ක්‍රමයෙන් වල් බිහි විය. මේ නිසා රජ රට බොහෝ ප්‍රදේශ ජනශූන්‍ය විය.




පැරණි නගර පරිහානියට පත් වූයේ මන් ද ?


1සතුරු ආක්‍රමණ ඇති වීම.


2මධ්‍යගත පාලනය බිඳ වැටීම.


3ආරක්ෂාව නොමැති විම.


4වෙළෙඳාම හා ගමනාගමන කටයුතු අඩපණ වීම.


5ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම


Post a Comment

Post a Comment