සිංහල
______________________________
සිංහල බසෙහි වචන භේදය "ඒක" හා "බහු" වචන ලෙස බෙදේ. ඒ අනුව ආඛ්‍යාතය වෙනස් වේ.
ඒක වචන - ඔහු පොතක් කියවයි. (අනතීත කාලය)
බහු වචන - ඔවුහු පොත් කියවති. (අනතීත කාලය)
💢පුරුෂ භේදය
සිංහල බසෙහි පුරුෂ භේදය, සාමාන්‍යයෙන් භේද තුනකට බෙදේ. ඒවා නම්;
1.උත්තම පුරුෂ
ඒක වචන - මම - මම පොතක් කියවමි.
බහු වචන - අපි - අපි පොතක් කියවමු.
2.මධ්‍යම පුරුෂ
ඒක - නුඹ, තෝ, තී, ඔබ, යුෂ්මතා, තමුන්නාන්සේ - නුඹ පාසැල් යන්නෙහි.
බහු - නුඹලා, තොපි, ඔබ, යුෂ්මත්හු, තමුන්නාන්සේලා - ඔබ සැම ගුරුතුමාට ආචාර කරන්නෙහු.
3.ප්‍රථම පුරුෂ උත්තම පුරුෂයටත්, මධ්‍යම ප්පුරුෂයටත් යන දෙකටම අයත් නොවන සියලුම ප්‍රාණවාචී හ අප්රාඅණවාචී නාම මීට අයත්වේ.
ඒක - ළමයා, දැරිය, ඔහු, ඈ, ගස - ගුරුතුමා පාඩම උගන්වයි.
බහු - ළමයි, දැරියෝ, ඔවුහු, ගස් - ගුරුවරු පාඩම් උගන්වති.
මෙයට අමතරව අසල සිටින අයෙකුට "මොහු" (හෝ ව්‍යවහාරික බසෙහි "මෙයා") යන්නද යොදා ගත හැක.
🕸️කාල භේදය,
සිංහල බසෙහි කාල භේදය අතීත හා අනතීත ලෙස බෙදේ. අනතීත කාලයෙන් වර්තමාන හා අනාගත කාල දෙකම නිර්ණය වේ. අනාගත කාලය ස්ථිර ලෙස නිර්ණය කිරිඉමට "හෙට", 'ලබන ඉරිදා" වැනි වචන යොදා ගැනේ.
1.අතීත කාලය
ඒක - දරුවා පාසැල් ගියේය.
බහු - දරුවෝ පාසැල් ගියෝය/ගියහ.
2.අනතීත කාලය
ඒක - දරුවා පාසැල් යයි/යන්නේය.
බහු - දරුවෝ පාසැල් යති/යන්නෝය.
Post a Comment