-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

කාරක භේදය..

 සිංහල

_______________________________________




කර්තෘකාරක වැකි සංස්කරණය

කාරකය යනු ආඛ්‍යාතයෙන් ඉස්මතු වන ප්‍රධාන පදයයි. කර්තෘකාරක වැකියක කර්තෘ ඉස්මතු වේ. එම නිසා කර්තෘ උක්ත වන අතර කර්‍මය අනුක්ත වේ. ආඛ්‍යාතය උක්ත කර්‍තෘට ගැලපිය යුතුයි.


     උදා:- මම පොත කියවමි.

           අපි දෙමාපියන් නමදිමු.

කර්‍මකාරක වැකි සංස්කරණය

කර්‍මකාරක වාක්‍ය‍යක කර්‍මය ඉස්මතු වේ. මෙහිදී කර්‍මය උක්ත වන අතර කතෘ අනුක්ත වේ. උක්ත කර්‍මයට ආඛ්‍යාතය ගැලපිය යුතුයි.


කර්තෘකාරක වැකියක් කර්‍මකාරකයට හැරවීමේ පියවර.

කර්තෘ අනුක්ත කිරීම.

අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතය යෙදීම.

කර්‍මය උක්ත කිරීම.

උක්ත වූ කර්‍මයට ආඛ්‍යාතය ගැලපීම.

    උදා:- මා විසින් පොත කියවේ.

          අප විසින් දෙමාපියෝ නැමදෙති.


💣ලිංග භේදය, 


සිංහල බසෙහි ස්ත්‍රී පුරුෂ ලිංග භේදය අනුව ඒක වචන ආඛ්‍යාතය වෙනස් වේ. නපුංසක ලිංග ඒක වචන හා බහු වචන ආඛ්‍යාතය පුරුෂ ලිංග ඒක වචන ආඛ්‍යාතයට සමානය.


1.ස්ත්‍රී


ඒක - ඈ බණ අසයි/අසන්නීය. ඈ බණ ඇසුවාය.

බහු - උපාසිකාවෝ බණ අසති/අසන්නෝය. උපාසිකාවෝ බණ ඇසූහ/ඇසුවෝය.

2.පුරුෂ


ඒක - ඔහු බණ අසයි/අසන්නේය. උපාසකයා බණ ඇසුවේය.

බහු - උපාසකයෝ බණ අසති/අසන්නෝය. උපාසකයෝ බණ ඇසූහ/ඇසුවෝය.

3.නපුංසක


ඒක - ගස සුළඟට සෙලවෙයි. ගස සුළඟට සෙලැවුණි/සෙලවුණේය.

බහු - ගස් සුළඟට සෙලවෙයි. ගස් සුළඟට සෙලවුණි/සෙලවුණේය.


Post a Comment

Post a Comment