Edu.com
අනුරාධපුරය-පණ්ඩුකාභය රජු
පොළොන්නරැව-1වන විජයබාහු රජු
දඹදෙණිය-3වන විජයබාහු රජු
යාපහුව-1වන භුවනෙකබාහු රජු
කුරැණෑගල-2වන භුවනෙකබාහු රජු
ගම්පොළ-4වන භුවනෙකබාහු රජු
කෝට්ටේ-6වන පරාක්රමබාහු රජු
මහනුවර-සේනාසම්මත වික්රමබාහු රජු
📛අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා 5 වන මිහිදු රජු
📛චෝලයන්ගෙන් රට නිදහස් කරගත්තේ 1වන විජයබාහු රජු
පොළොන්නරැව රාජ්‍ය බිද වැටීමට හේතු
🧿දර්වල පාලකයන් බලයට පත්වීම
🧿කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය
🧿අාර්ථික පරිහානිය
🧿කාලිංග මාඝගේ අාක්රමණය
පැරණි නගර පරිහානියට හේතු
සතුරු අාක්රමණ
මධ්‍යගත පාලනය බිද වැටීම
ජනතාව වෙනත් ප්රදේශවලට සංක්රමණය වීම
වෙළදාම හා ගමනාගමන කටයුතු අඩපණ වීම
දඹදෙණි රාජධානි අවධියේ කාලිංග මාඝගෙන් රට රැක ගැනීමට දුර්ග පිහිටුවාගෙන සිටි සෙනෙවියන්
🌀යාපහුව කදු මුදුන-සුභ සෙනෙවි
🌀රැහුණ ගෝවින්දමලය කදු මුදුන-බුවනෙකබාහු අාදිපාදවරයා
🌀මහියංගණය ගංදෙණිය පර්වතය-සංඛ සෙනෙවි
3වන විජයබාහු රජුගේ සේවා
💢බෙලිගල දළදා මැදුරක් කරවීම
💢උපසම්පදා මංගල්‍යය යළි අාරම්භ කිරීම
💢දඹදෙණියේ විජය සුන්දරාරාමය තැනවීම
💢කැළණි විහාරය ප්රතිසංස්කරණය කරවීම
💢අභාවයට ගිය පොතපත නැවත රචනා කරවීම
2වන පරාක්රමබාහු රජු
♨අාක්රමණ♨
◻️චන්ද්රභානුගේ අාක්රමණය
◻️කාලිංග මාඝගේ අාක්රමණය
මෙතුමා දේව පතිරාජ නම් අැමතිවරයා යොදවා අාර්ථික අාගමික හා අධ්‍යාපන අංශවල විශාල දියුණුවක් අැති කිරීම
කරැණෑගල රාජ්‍ය පිහිටවූ 2වන භුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත් 4වන පරාක්රමබාහු රජ විය ඔහුගේ සේවා පහත විස්තර කෙරේ
පාලි භාෂාවෙන් පැවති පන්සිය පනස් ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය
දළදා සිරිත,සිංහල බෝධි වංසය,අනාගත වංසය,දළදා පූජාවලිය වැනි ග්රන්ත රචනා වීම
කරැණෑගල රාජ්‍ය සමයේ බුදු දහමේ උන්නතියට මෙන්ම අධ්‍යාපන අංශයට විශාල සේවයක් සිදු විය
ගම්පොළ රාජ්‍ය සමයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ
ගම්පොළ රජ පරපුර සමග සබදතා ගොඩනගාගෙන සිටි ප්රභූ පව්ල් 2ක් සිටීම
ගම්පොළ රාජ්‍ය සමයේ රජකම පියාගෙන් පුතාට හෝ සහෝදරයාගෙන් සහෝදරයාට නොව මාමාගෙන් පසු බෑනාට වේ[මෙය මාතෘ මූලික උරැම ක්රමයකි]
ගම්පොළ රාජ්‍ය සමයේ දී ඉබන් බතුතා නම් අරාබි සංචාරකයෙකු පැමිණ තමත් අැසූ දුටු දේ වාර්තා කිරීම
ගම්පොළ රාජ්‍ය අවසාන කාලයේ චීනයේ යුංලෝ අධිරාජ්‍යාගේ චෙන් හෝ සෙනෙවියාගෙන් අාක්රමනයක් එල්ල විය ඔහු ශිලා ලිපියක්ද පිහිටුවා අැත එම ලිපිය ගාල්ලේ ත්රිභාෂා ලිපිය නමින් හැදින්වේ
ලංකාතිලක විහාරය හා ගඩලාදෙණි විහාරය 4වන භුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලදි
6වන පරාක්රමබාහු රජු විසින් කෝට්ටේ රාජ්‍ය පිහිටුවන ලදි
✳එතුමාගේ මව-සුනේත්රා දේවි
✳එතුමාගේ පියා-ජයමහලෑන
6වන පරාක්රමබාහු රජුගේ සේවයේ කැපී පෙනෙන කරැණු
වන්නි පෙදෙස් කෝට්ටේ රාජයට යටත් කර ගැනීම
සපුමල් කුමාරයා යටතේ හමුදාව යවා යාපනය ජය ගැනීම
ජෝතිය සිටුවරයා අැති කල කැරැල්ල මැඩ පැවැත්වීම
කෝට්ටේ රාජ්‍ය යටතේ රට එක්සත් කිරීම
රටේ අධ්‍යාපන හා සාහිත්‍ය කටයුතුවල විශාල දියුණුවක් අැති කිරීම
යාපන රාජධානිය
රජරට ශිෂ්ටාචාරය බිදවැටීමෙන් පසු යාපන පෙදෙසේ බිහි වූ පාලන එ්කකය යාපන රාජධානිය ලෙස හැදින්වේ
Post a Comment